අපගේ දැක්ම

සංවිධානාත්මක වැඩකරන ජනතාව, ඔවුන්ගේ ස්වාධීන සංවිධානයන් වූ වෘත්තීය සමිති, ගොවි, ධීවර සංවිධාන, ශිෂ්‍ය සංවිධාන සමග ඔවුන්ගේ ම වූ දේශපාලන පක්ෂයක් තුළින් නිදහස හා සමාජ හා ආර්ථික විමුක්තිය ළගාකර ගැනීම සදහා ගමන් මග සංවිධානය කිරීම.

අපගේ ගමන් මඟ

2014 දී ‘වමේ හඬ’ බිහිවූයේ එවකට නව සමසමාජ පක්ෂය තුළ දිගු කලක් තිස්සේ ගොඩනැගෙමින් තිබුණු අවස්ථාවාදී” පංති සහයෝගිතාවාදී” පුද්ගලවාදී දේශපාලනයට විරුද්ධව පක්ෂය තුළ ක‍්‍රියාකාරී වූ සහෝදර සහෝදරියන්ගේ අරගලයේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

අපගේ අදහස් වැඩ කරන ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් අපට ‘වමේ හඬ’ පුවත්පත මාසිකව පළ කිරීමට හැකිවිය. එසේම https://wamehanda.wordpress.com/ ආරම්භ කරමින් අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටිමු.  තවදුරටත් අපගේ වැඩ කටයුතු පුළුල් කරමින් සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි යන භාෂාන් තුනෙන් https://wamehanda.org/ වෙබ් අඩවිය ආරම්භ කිරීමට හැකිවීම තවත් වැදගත් පියවරකි.

මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කිෙ, රෝසා ලක්ෂම්බර්ග්, ග‍්‍රම්ස්කි, අර්නස්ට් මැන්ඩෙල්, ෆිදෙල් කැස්ත්‍රෝ, චේගුවේරා වැනි මාක්ස්වාදී විප්ලවවාදීන් ඉගැන්වූ හා වැඩිදියුණු කළ මාක්ස්වාදයේ සියළු සාරවත් ඉගැන්වීම් ද, සමසමාජ ව්‍යාපාරයේ මුල්කාලීන විප්ලවවාදී  න්‍යාය හා භාවිතයේ ද, නව සමසමාජ පක්ෂයේ මුල් කාලීන පංති අරගලය මුල්කරගත් භාවිතාවේ අත්දැකීම් ද පෙරට ගෙන යන්නට වෙර දරන දේශපාලන ව්‍යාපාරයකි.

21 වන සියවසේ අභියෝගයන්ට මුහුණ දියහැකි විප්ලවවාදී සමාජවාදී බලයක් ගොඩනැ`ගීම අපගේ අවසාන ඉලක්කයයි. ‘වමේ හඬ’ ජාතිවාදයට, වර්ගවාදයට හා ආගමික අන්තවාදයට විරුද්ධව පෙනී සිටින සංවිධානයකි. සියළු අධිරාජ්‍යවාදී බලහත්කාරකම්වලට එරෙහිව ජාතික ස්වාධීනත්වය වෙනුවෙන් අපි පෙනී සිටිමු. පීඩිත ජනතාවගේ ජාතික අරගලයන්වලට, ස්ත‍්‍රීන්ගේ විමුක්තිි අරගලයට, ධනවාදී වෙළඳපල විසින් විනාශ කර දමා ඇති මිහිතලය රැකගැනීමේ අරගලයට මෙන්ම සකලවිධ ලිංගික හිංසනයන්ට එරෙහිව වැඩ කරන ජනතාවගේ අරගලය සමග එක්ව සටන් කිරීම අපගේ අභිලාෂයයි.

ලංකාව තුළ උතුර, දකුණ හා නැ‍ෙ`ගනහිර සමානාත්මතාවය පදනම මත එක්සත් කිරීම සදහා සටන් කරන අතර මඅපගේ අරගලය ජාත්‍යන්තර නිර්ධන පංතියේ අරගලය සමග එකාබද්ධ කිරීමට සටන් කරමු. ඒ සඳහා ජාත්‍යන්තර පරිමානව සටන් වදින 1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කළ 4 වෙනි ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව ලෙස අපි කටයුතු කරමු.

 60 total views,  4 views today