හනේ හනිච්චං

 

 

සූටිනුත් මමත් කුරුණෑගලට එදා ගියේ මෙවර චන්දයට ඉදිරිපත්වෙන මහින්ද මහත්යට මාධ්‍ය ආවරණයක් ලබාදීම වෙනුවෙනි. අප යනවිට එතුමා සුදුපාට ජෝගියක් ඇඳ මහපොළෙව මත වැතිර පොළොව සිඹිමින් සිටියේය. එතුමාගේ කටේ පස් අහුරක් ද විය. නිරාවරණය වූ උඩුකයේ ද පස් තැවරී තිබුණි. ‘‘දෙයියනේ අපේ මහින්ද මහත්තයට මීමැස්මොරය හැදිල වගේ’’  සූටින්ට කෑගැසුනි. ‘‘නෑ  ඕයි එතුමා හැමදාම උදේට තමන්ගේ මව්බිම වෙනුවෙන් කරන ප‍්‍රාර්ථනා. ළ`ගට නොගිහින් ඔහොම ඉඳන් බලනවා’’. එතැන සිටි පොදුජන පෙරමුණු සාමාජිකයෙක් අපට වැරෙන් කීය.

“මේ මගේ මව්බිම. මව්රට දිවිහිමියෙන් ම රකිමි. පෙම්බර ලක් මවුනි, මම පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තුන්වෙනුවත් මව්බිම ….උම්මා කියා මහ පොළොව සිප ගත්තේය. උම්මා… උම්මා.. කියමින් නැවතත් උම්මා තුනක් දී පොළොවට වැඳ නමස්කාරකර එරමිණිය ගොතාගෙන වාඩිවී දෙහිවල සත්තු වත්තේ ගෝරිල්ලෙකු සේ මිට මොළවා ගත් දෑතින දඩි.. බිඩි.. යන අනුකරණයෙන් 21 වතාවක් පපුවට ගසා ගත්තේය.

ඔහු ඊළ`ගට හිස ඔසවා අප දෙස බැලීය. එතුමාගේ දුක්බර අහිංසක මුහුණ දුටුවිට අපගේ හදවත් දවල් දොළහට ගෑස්පහ හන්දියේ තාර පාරේ වැටුන බටර් කුට්ටි මෙන් උණුවී ගියේය. ඒ සමගම එතැනට පැමිණි පොදු පෙරමුණු සාමාජිකාවක් ඇලූමිනියම් ජෝග්ගුවක පුරවන ලද එලකිරි එතුමාට පිරිනැමුවාය. එක හුස්මට එළකිරි බඳුන බීගෙන බීගෙන ගිය එතුමාගේ ගොඩිරිච් ඩයි වලින් වර්ණ කළ තද ක`ඵපාට උඩු රැවුලේ සුදුපාටින් එළකිරි යොදය රැුඳී තිබුණු බැවින් වෙනත් සාමාජිකාවක විසින් තැඹිලි පැහැති රෙදිකඩකින් එතුමාගේ උඩුරැුවුල පිසදමා රතුපාට නෙ`ඵම් පොහොට්ටුවක් රිදී බන්දේසියක තබා පිරිනැමුවාය. අනතුරුව එම පොහොට්ටුව තම උරහිසින් පපුව හරහා දමා තිබුණු පූණ නූලෙහි ගැට ගසා සුපුරුදු ගොරහැඩි හඬින් අප ඇමතීය.

“තොපි කවරහුද? කිනම් කරුණක් සඳහා පැමිණියාහු ද?’’ ‘‘ස්වාමීනි අප අගනුවර සිට පැමිණි අහිංසක පත්තරකාරයන් වෙම්හ’’, අපි උත්තර දුනිමි.

“සුදුසු තැනක් බලා හිඳගනු’’. පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් අපට පැදුරක් ගෙනදුනි. අපි පැදුර එලා එකත් පස්ව ඒ මත වාඩිවීමු.

“සර්ගෙ ප‍්‍රාර්ථනා පූජාව දැක්කහම අපේ මාතෘ භූමිය ගැනත්, සර් ගැනත් ලොකු ආදරයක්, කැක්කුමක් ඇතිවුනා’’.

“ඒක හොඳයි. දේශපාලකයෝ වෙන අපි ජනතාවට ආදර්ශයක් වෙන්න  ඕනනේ’’.

“ඒ වුනාට සර්, ඒ කාලේ දවසක සර් ප්ලේන් එකෙන් බැහැලා එයාපෝර්ට් එකේ පොළොව ඉඹිනකොට අපි හිතුවෙ සර් කැමරාව ඉදිරියේ ටෙලිවිෂන් එකට පේන්න කළ ර`ගපෑමක් කියලයි’’ මම ගෞරව පුරස්ව දෙකට නැමී කීවෙමි.

“ඕගොල්ලන්ට විතරක් නෙවෙයිල රටේ හු`ගදෙනෙකුට එහෙම හිතිල තියෙනවා. ඒක ඔයාගෙවත්, ඒ ගොල්ලන්ගෙවත් වරදක් නෙවෙයි. මේ ජනසමාජයේ තියෙන වැරැුද්දක්. අපි හැර එදා ඉඳන් මේ රට පාලනය කරපු රජවරු, මැති ඇමතිවරු මේකට වගකියන්න  ඕනෑ. රටේ රජ්ජුරුවෝ නගර මැද්දේ, දෙනෝදාහක් යන එන පාර අයිනේ කාමරයක් හදාගෙන වයිෆ්ලා ගොඩක් එක්ක ඉන්නකොට මහජනයට ඇතිවුන හැ`ගීම මොකක්ද? ටියුෂන් යන දරුවන්ට මොනවද හිතෙන්නෙ. අපේ සභ්‍යත්වය, සංස්කෘති, භෞමික අඛණ්ඩතාවයට, ආගම ධර්මයට මක්කද වෙන්නෙ? එතුමා කීය.

“සුද්දන්ට පින්සිද්ධ වෙන්ට දැන් කාටවත් නීත්‍යානුකූලව වයිෆ්ලා ගොඩා..ක් තියාගෙන ඉන්න බැහැනෙ. ප‍්‍රයිවෙට් එකේ තියා ගන්නවා මිසක්’’ මම කීමි.

“උන් ඒ වගේ නීති දැම්මට අර රජවරු හදපු අර කාමරවලට මොකද කළේ ? ඒවා ආරක්‍ෂා කළා. ඒ ඇයි? අනාගතේ අපේ පරම්පරාවට දැක බලාගන්න. උන් දැනගත්තා අනාගත සිංහල පරම්පරාව  ඕවා දැකලා මානසිකව නරක් වෙනවා. නරක අදහස් ඇති කරගන්නවා. නරකට පෙළෙඹෙනවා.  ඕන්  අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ. සිංහළ ජාතිය නැති කරන්න හදපු සැළසුම්. සිංහළ වයිෆ්ලා මදිවාට මුස්ලිම් වයිෆ්ලත් තියාගෙන. හොඳ වෙලාවට ඒ කාළේ පොලොන්නරුවේ අපේ සිරා නොහිටපු එක. එයා හිටිය නම් බුවෙනක බාහුත් කන්නෙ මඩුවලිගෙන්’’ මහින්ද මහතා කීය.

“රට ජාතිය ගැන හිතලා සර්ගෙ නගරාධිපතියා කළ වැඬේ අති ශ්‍රේෂ්ඨයි. ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනවා’’ සූටින් කීය.

“සර් මේ රටේ ඉන්න ප‍්‍රතිගාමියෝ මෙයාටත් මේ කථාව හින්ද මොකුත් කරාවි ද?’’ මම ඇසීමි.

එතුමා අසල කාමරයක් ඇතුළේ  මොනවාදෝ කරමින් සිටි ජොන්ස්ටන්ට කථා කළේය. ‘‘ජොන්ස්ටන්.. මෙයාවත් ආරක්‍ෂා කරන්න  ඕන.’’ ‘‘දැන්ම බාරගන්න බෑ සර්. මම තවම නගරාධිපතියගෙ ෆයිල් ටික ගණන් කරනව.’’ ජොනී උත්තර දුනි.

“ඕක තාම ඉවර නැද්ද ජොන්ස්ටන්’’

“සර් ගැලවෙන්න යන ඒවා, හැලිච්ච ඒවා, යන්තම් හැදීගෙන එන ඒවා හරියට ගණන් කරල ඉන්වෙන්ට‍්‍රියේ දාල ආරක්‍ෂක අංශයට බාරදෙන්න  ඕනනෙ. ගාණක් මිම්මක් නැතුව දුන්නොත් අර නාකොටික් එක කුඩු බාරගත්ත වගේ හිටී’’ ජොන්ස්ටන් ඇමතිතුමා සූටින් දෙස බලා කීවේය.

“සර් මෙයාගෙ රැුකගන්නවත්, ගණන් කරන්නවත් ඇෙ`ග් මයිල් නැහැ’’ මම කීමි.“‘‘ඇයි මෙයාට අසනීපයක් වත් හැදිල ද?’’ එතුමා විමසීය.

“නෑ සර් මෙයා හිරු නාලාකාවෙ වැඩකරල තමයි ලොමි හැලූනේ. සර් ඉස්සර හිටපු රජවරුන්ට වයිෆ්ලා ගොඩාක් හිටියනේ අන්තප්පුරේ කියල එකක. කොච්චර වයිෆ්ලා හිටියත් ඒගොල්ලො වැව් හැදුව, වෙහෙර විහාර හැදුව, ශිලා ලේඛණ හැදුව. ඔය හදපු වෙහෙර විහාර වඳින්න, වැව්වල නාන්න ඔය වයිෆ්ලත් එක්ක යන්න ඇතිනෙ. ඔය ස්ථාන දකිනකොට අද තරුණයන්ට නොයෙකුත් වැරැුදි අදහස් හිතට එන්න පු`ඵවන්. ඒනිසා ඒවත් කඩලබිඳල දාන්න බැරිද සර්’’මම ඇසීමි.

“ඔය ඔක්කොම කරන්න මේ චන්දෙ ඉවර වෙනකම් ඉන්න එපාය අයිසෙ’’ එතුමා කීය.

ගුණයා විසින් රචනා කරන ලදී

 

 

 

 

 

 20 total views,  2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *