මෙවර එකම මැයි පෙළපාලිය, වැඩ කරන ජනතා මැයි දින සමරුව පොලිස් බාධක නොතකා ගෝල්පේස් පිටියේ!

ආණ්ඩුවේ සහ පොලිසියේ බාධා කිරීම් නොතකා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඒකාබද්ධ මැයි දින පෙළපාලිය අද පෙරවරුවේ කොල්ලුපිටිය සීඑම්යූ ශාලාවේ සිට ගෝල්පේස් පිටියේ උද්ඝෝෂණ මධ්‍යස්ථානය දක්වා ගමන් කළ අතර රැස්වීම සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින්  එම ස්ථානයේ දී පැවැත්විණි. පෙරවරුවේම සීඑම්යූ ශලාවට පැමිණි පොලිසිය රැස්ව සිටි පිරිසට විසිර යන ලෙස නියෝග කළද, සිල්වෙස්ටර් ජයකොඩි, ජෝෂප් ස්ටාලින් සහ රවි කුමුදේශ් ආදීන් මැදිහත් වී පිරිස ගෝල්පේස් පිටිය දක්වා ගමන් කිරීමට ඉඩ ලබා ගත්තේය‍. එහෙත් පොලිසිය ප්‍රකාශ කළේ පෙළපාලියක් වශයෙන් නොව දෙදෙනා බැගින් ගමන් කරන ලෙසය. පසුව රැස්ව සිටි පිරිස සෞඛ්‍යාරක්ෂක නීතිවලට අනුව මීටර් දෙකක දුරක් තබාගෙන ගමන් කළද පොලිසිය විටින් විට එම පෙළපාලියට බාධා කළේය.

පිරිස ගෝල්පේස් පිටියට ලඟාවීමෙන් පසුව රැස්වීම පැවැත්විණි. රැස්වීම අමතා සිල්වෙස්ටර් ජයකොඩි(සීඑම්යූ), ජෝෂප් ස්ටාලින්(ලංකා ගුරු සංගමය), ලිනස් ජයතිලක (එක්සත් කම්කරු සම්මේලනය), ලලිතා දෙද්දූවකුමාර(ඇඟළුම් සහ රෙදිපිළි සේවක සංගමය), ලාල් බංගමුව(ස්වාධීන වරාය සේවක සංගමය), ජගත් ගුරුසිංහ(ශ්‍රී ලංකා ටෙලිකොම් සියළු සේවක සංගමය), චින්තක බණ්ඩාර(ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය) රවි කුමුදේශ් (වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයෙවේදීන්ගේ සංගමය)යන සහෝදර සහෝදරියන් කථා කළහ. මෙම වෘත්තීය සමිතිවලට අමතරව ජාතික වෘත්තීය සමිති පෙරමුණ, තැපැල් සහ සහ විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය, ප්‍රොටෙක්ට් සංගමය සහ වැඩ කරන ජන බලය යන සංවිධානද එක්ව සිටියහ.

විජේපාල වීරකෝන්

 14 total views,  4 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *