ලෝක කම්කරු දිනය සහ ” ගල් ගැසුණු මිනිස්සු “…..

(වත්මන් ධනේශ්වර +වැඩවසම් සමාජය තුල මිනිසාගේ ඛේදවාචකයේ එක්  පැතිකඩක් )..

..සියලු මිනිසුන් ගල්ගැහී රූකඩ බවට පත්ව ඇත .

හදවත ඔලුව ගල්කර ඇත .

හෘදසාක්ෂිය උගුලුවා ඇත.

සිතීම පැහැර ගෙන ඇත.

තමන් වෙනුවට සිතන්නේ හා සිතුවිලි හසුරුවන්නේ වෙළද ප්‍රචාරකයන් ,මාධ්‍ය කරුවන් ,මෝඩ ටෙලිනාට්‍යය ,කේන්ද්‍ර කරුවන් හා කපුවන්‍ ය….

            …සිරුරේ දුවන්නේ තමන්ගේ රුධිරය නොව ජාතිය ,ආගම හා පක්ෂය විසින් පොම්ප කරන ලද රුධිරය හෙවත් ” නෙගටිව් රුධිරය යි….

            …..මේ සියල්ල පැහැර ගත් පසු ඉතිරි වී ඇති බොල් සිරුර රැක ගැනීමට අනන්ත දුකක් විදින මිනිසාගේ ඇසට කදුලක් ගලයි..ඒ කදුල ගලන්නේ කූමක් නිසා දැයි මිනිසා තවම නොදනී…

          ……විවර වූ දෙනෙත් දල්වාගෙන මිනිසා ගල්ගැසී බලාසිටී….සියලු දෙනා අනුන්ගේ රූකඩ බවට පත්වඇත…ඊට එරෙහිව සිතන්නට මිනිසාට තවම නොහැක …ඛේදවාචකය ඇත්තේ එතැනයි…….!!!!

චාල්ස් දයානන්ද විසිනි

 14 total views,  2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *