ජෙනී මාක්ස්: Bordome or Rebellion

කල්ප රාජපක්ෂ විසින් සිය මුහුණු පොතේ තබන ලද සටහනකි!

තරුණ මාක්ස් චිත්‍රපටයේ එක තැනක ජෙනී මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් අතර වෙන සංවාදයකදී ජෙනී මෙහෙම දෙයක් කියනවා. ‘ජිවිතයේ සංතෘෂ්ටිය ඇති වන්නේ අරගලය කිරීමෙන්’. චිත්‍රපටයේ රාවුල් පෙක් නිර්මාණය කරන ජෙනීගේ චරිතය සැබෑ ජෙනීව අපිට දකින්න සලසන විශාලන කාචයක් වගේ යැයි මට සිතෙන්නේ ජෙනී මේ කියන දේ ඈ ජිවිත කාලයක් පුරා තම ප්‍රයුක්තියට ගන්නා නිසා. වෙස්ට්ෆාලන් කෙනෙක් විදිහට ගෙවන්නට හැකිව තිබු සැපවත් ජීවිතය ගැන එංගල්ස් ඇගෙන් අහන විට ඇය කියන්නේ තමන් ජිවිත කාලයක් පුරා විදවිය යුතුව තිබූ බුෂුවා හිසරදයකින් නිදහස් වුනු බවයි. පැවැත්මේ විකාරයට ජෙනී දෙන උත්තරය නිශ්චිතව අරගල කරන එක. මේ දෙන ලද ද්‍රව්‍යාත්මක කොන්දේසි එක්ක කොන්දේසි විරහිතව හැප්පෙන එක. ජිවිතයේ තමන් ඉදිරියේ හම්බෙන ඕනෑම ව්‍යුහයක්, ප්‍රවනතාවක් සහ ආත්මියත්වයක් එක්ක මේ ගනුදෙනුව සම්මුතියකින් තොරව (non-compromising) ඉදිරියට පවත්වා ගැනීම. මාක්ස්ගේ කැත අත් අකුරු වලින් පිරුණු කියවිය නොහැකි පිටු දහස් ගණනක් කියවිය හැකි අකුරු බවට පෙරලන්නේ මේ ස්ත්‍රිය විසින්. අසීරු මනුස්සයෙක් වෙන මාක්ස් සහ අසීරු ජිවිතයක් වන මාක්ස්ගේ ජීවිතයත් එක්ක ජෙනී ගත කරන්නේ සංක්‍රාන්තික ජීවිතයක්. ‘කැපිටාල් ලියන ගමන් මම උරපු සුරුට්ටු වල මිලවත් මට මේකෙන් හොයා ගන්න බැරිවෙයි’ මාක්ස් එක තැනක ලියනවා. එක් ලිපියක ජෙනී මාක්ස්ට මෙහෙම ලියනවා.

”So, sweetheart, since your last letter I have tortured myself with the fear that for my sake you could become embroiled in a quarrel and then in a duel. Day and night I saw you wounded, bleeding and ill, and, Karl, to tell you the whole truth, I was not altogether unhappy in this thought: for I vividly imagined that you had lost your right hand, and, Karl, I was in a state of rapture, of bliss, because of that. You see, sweetheart, I thought that in that case I could really become quite indispensable to you, you would then always keep me with you and love me. I also thought that then I could write down all your dear, heavenly ideas and be really useful to you. All this I imagined so naturally and vividly that in my thoughts I continually heard your dear voice, your dear words poured down on me and I listened to every one of them and carefully preserved them for other people. You see, I am always picturing such things to myself, but then I am happy, for then I am with you, yours, wholly yours. If I could only believe that to be possible, I would be quite satisfied. Dear and only beloved, write to me soon and tell me that you are well and that you love me always. But, dear Karl, I must once more talk to you a little seriously. Tell me, how could you doubt my faithfulness to you? Oh, Karl, to let you be eclipsed by someone else, not as if I failed to recognise the excellent qualities in other people and regarded you as unsurpassable, but, Karl, I love you indeed so inexpressibly, how could I find anything even at all worthy of love in someone else? Oh, dear Karl, I have never, never been wanting in any way towards you, yet all the same you do not trust me. But it is curious that precisely someone was mentioned to you who has hardly ever been seen in Trier, who cannot be known at all, whereas I have been often and much seen engaged in lively and cheerful conversation in society with all kinds of men. I can often be quite cheerful and teasing, I can often joke and carry on a lively conversation with absolute strangers, things that I cannot do with you. You see, Karl, I could chat and converse with anyone, but as soon as you merely look at me, I cannot say a word for nervousness, the blood stops flowing in my veins and my soul trembles.”

මේ ආදර කතාව ඇතුලේ පිරිමියෙක් සහ ගැහැණියෙක් අතර මේ මිහිපිට වෙන්න පුළුවන් සියල්ල සිද්ධ වෙන්න ඇති.ජෙනීගේ අවමගුල දවයේ එංගල්ස් මේ වචන ටික කියනවා.

“The contribution made by this woman, with such a sharp critical intelligence, with such political tact, a character of such energy and passion, with such dedication to her comrades in the struggle—her contribution to the movement over almost forty years has not become public knowledge; it is not inscribed in the annals of the contemporary press. It is something one must have experienced at first hand. But of one thing I am sure: just as the wives of the Commune refugees will often remember her—so too, will the rest of us have occasion enough to miss her bold and wise advice, bold without ostentation, wise without ever compromising her honor to even the smallest degree. I need not speak of her personal qualities, her friends know them and will not forget them. If there ever was a woman whose greatest happiness was to make others happy it was this woman.

“හිටි ගමන් විමුක්තිය මතක් වීමෙන් විමුක්තියන ගැන මාක්සියානු ප්‍රවේශය ප්‍රශ්න කරන එක බොහෝ සංවාද වලදී මම දැක්ක එක සහලක්ෂණයක්. විමුක්ති ව්‍යාපාරයක් නැති රටක ඒ වගේ කටහඬවල් සද්දෙට ඇහෙනවා. නමුත් ඒ ප්‍රශ්න වල තියන අපෝහකත්වයෙන්ම තමයි අපේ ඉදිරි විමුක්ති ව්‍යාපාරයක් පෝෂණය වෙන්නත් නියමිත. කැපිටාල් පොතක් විදිහට විශ්වීයව ඇති කර ඇති බලපෑම ගැන මාක්ස් හෝ ජෙනී ඇතැම් විට සිහිනෙන්වත් නොහිතන්න ඇති. විමුක්තියේ ස්වභාවයම තමයි එය ආත්මියත්වය, ඉතිහාසයේ හැඩය සහ කාලය පසාරු කරගෙන යන්නක් වීම. ඉතිහාසයේ විනිශ්චයම විමුක්තිකාමී එකක්. ඉතිහාස පොතේ එක පිටුවක කෙලින් හිටගෙන ජෙනී අපෙන් අහන ප්‍රශ්නය ඔබ හිටගන්නේ මොන පැත්තේද කියන එක. Bordome ද Rebellion ද?

ජෙනී සහ මාක්ස්ගේ විප්ලවීය ආදර කතාව ගැන වැඩිදුර කියවන්න ඕනනම් Mary Gabriel ගේ Love and Capital කියවන්න.

From: https://m.facebook.com/story.php?story_fbid=191487749433620&id=100057171885697&sfnsn=mo

 20 total views,  2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *