“උද්ඝෝෂණ කිරීම ආණ්ඩු ක්‍රම වයවස්ථාවෙන් සහතික කර ඇති අයිතියක්” අධිකරණයෙන් පොලිසියට අවවාද!

විරෝධතාවන්හී නිරතවන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම පිළිබඳව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු බුද්ධික සී රාගල විසින් පොලිසියට තදින් දෝෂාරෝපනය කොට, අවවාද කළ බව වාර්තා වේ.

කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනෙකු වෙනුවෙන් ගොනු කරනු ලැබ තිබූ චෝදනා සම්බන්ධයෙන් විමසීමක් කරමින් මෙම දොෂාරොපනය එල්ල කළ බව වැඩිදුරටත් වාර්තා වේ. විරෝධතා සඳහා එකතුවීම මෙරට ආණ්ඩු ක්‍රම වයවස්ථාවෙන් සහතික කර පිළිගෙන ඇති අයිතියක් බවද එය අයුතු ජනරාශියක් වන්නේ කෙසේදැයි විනිසුරුවරයා එහිදී පොලීසියෙන් ප්‍රශ්නකර තිබේ.

මෙවැනි අවස්ථා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස මෙහිදී  මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිසියට අවවාදකර තිබේ..

මේ අතර නඩු අංකය-බි/1728/21 යටතේ 2021.08.06 බෙම්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් ගම්පහ මහේස්ත්‍රාත් වෙත  ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත  ඉහත නඩුව කැඳවා තිබේ. 1897 අංක 3 දරණ නිරෝධායනය හා රෝග  වැළැක්වීමේ ආඥා පනත උල්ලංඝනය කරමින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා එකමුතුව විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමන වැළැක්වීම සඳහා නියෝගයක් ලබාගැනීම සඳහා පොලීසිය විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබූණි.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අනෙකුත් මුලික අයිතිවාසිකම් අතර සාමකාමිව රැස්වීම, අදහස් ප්‍රකාශ කිරීම, ශ්‍රි ලංකාව තුළ අභිමත ස්ථානයක් වෙත යාමේ ඒමේ නිදහස සෑම පුරවැසියෙකුම සතු මුලික අයිතිවාසිකම් වන බව 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ඉතාමත් පැහැදිලි කරුණක්” බව පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව සිය තීන්දුව පුකාශයට පත්කර තිබේ. ‍

එකී මුලික අයිතිවාසිකම් සීමා කළ හැක්කේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේම 15 වන ව්‍යවස්ථාව අනුව පමණක් බවත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මහජන සෞඛ්‍ය මත පදනම්ව 14 ව්‍යවස්ථාවේ සදහන් මුලික අයිතිවාසිකම් සීමා කළ හැකි වුවද, එය සිදු කළ හැක්කේ පවත්නා නීතියෙන්  ඒ සඳහා ප්‍රතිපාදන දක්වා ඇත්නම් පමණක් බවද සිය තින්දුවේ විනිසුරුවරයා සඳහන්කර තිබේ.

ඉදිරිපත්ව ඇති කරුණු සැළකිල්ට ගනිමින් පැමිණිල්ලට අදාලව නෛතික වලංගුතාවයකින් යුතු නියෝගයක් නිකුත් කරලිමට තමන් වෙත බලය පැවරි නොමැති බව ප්‍රකාශ කරමන් පැමිණිල්ල ප්‍රතික්ෂේපකර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *