ලිබනෙක්ට්ගේ සංවිධාන ත්‍රිත්වය? “හදාරමු” “ප්‍රචාරය කරමු” සහ “සංවිධානය වෙමු”.

කොමියුනිස්ට්වාදි උද්ඝොෂණය සමාජවාදය, පරිසරය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන මානයන් තුනම සමාන්තරව ගමන් ගන්නා එකක් විය යුතු වේ. සමාජවාදය යන්නෙන් ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර ඇති සම්බන්ධය බිඳ දමා සංගම්ගතවූ නිශ්පාදකයන්ගේ ක්‍රමයක් තුළින් සූරාකෑමෙන් තොර සමාජයක් වෙත වැඩකරන ජනතාව මෙහෙයවීම අදහස් වේ.

පරිසරය පිළිබඳ උද්ඝොෂණය මගින් මානවයා සහ ස්වභාව ධර්මය අතර ප්‍රතිවෘතය රැකගත් ලොවක් අදහස් වේ.

ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් අධිකාරිවාදී පාලනය නැතිකොට ජනයා විසින් බලය මෙහෙයවන පාලනයක් ගොඩනැගීම අදහස් කෙරේ.

උද්ඝොෂණය (agitation) මගින් අදහස් කරන්නේ කරුණු අතලොස්සක් ගැන වැඩි පිරිසකට පැහැදිලි කිරීම ය. ඒ නිසා එය ප්‍රචාරණයෙන් (propaganda) වෙනස් වේ. උද්ඝොෂණ ක්‍රියාවලිය බොහෝවිට ඇරඹෙන්නේ වැඩකරන ජනතා තලයෙහි සිදුවන චලනයන් ගෙනි. කොමියුනිස්ට්වාදින් ට උද්ඝොෂණයකට මුලපිරීම වුව කළ හැක්කේ එවන් චලනයක් ඉවෙන් දැනුන විට ය. නැත්නම් එය හුදු ප්‍රදර්ශනවාදී යමක් වනු ඇත. එවන් දේ විටෙක වැදගත් වනු ඇත.

න්‍යායෙහි අගය තව දුරටත් වැඩිවන හේතු තුනක් ලෙනින් දක්වයි.

අපගේ පක්ෂය තවමත් සකස් වෙමින් පවතී. කම්කරු පන්තිය තුල ක්රියාත්මක වන අනෙක් ප්රවණතා සමඟ අපේ අරගල තවමත් විසඳී නැත. අපේ පක්ෂය සැබවින්ම ජාත්යන්තර ව්යාපාරයකි. මෙයින් අදහස් කරන්නේ ජාතිකවාදයට යට නොවීම පමණක් නොව අනෙකුත් රටවල අත්දැකීම් වලින් අප අනිවාර්යෙන්ම උගත යුතු බවය. පෙරමුණු සටන්කරුවන් කාර්යභාරය කිරීමට සමත් වන්නේ තියුණු නියායක් මගින් මග පෙන්වන පක්ෂයකට පමණ ය”.

ප්‍රචාරනය සහ උද්ඝොෂණය

ලෙනින් මෙහිදී ප්ලෙකනොව් ගේ ප්‍රකාශයක් ඉදිරිපත් කරයි. එය මෙසේ ය. “ප්‍රචාරකයෙක් එක් පුද්ගලයකුට හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුට හෝ අදහස් රැසක් ඉදිරිපත් කරයි. උද්ඝෝෂකයෙක් එක් අදහසක් හෝ අදහස් කිහිපයක් ජනතාවට ඉදිරිපත් කරයි. ප්‍රචාර යනුවෙන් අප වටහා ගන්නේ , වර්තමාන සමාජය මුළුමනින් ම හෝ ඉන් කොටසක් ගෙන එය දක්නට ලැබෙන ආකාරයෙන් පුද්ගලයන්ට වැටහෙන ලෙස ඒ ගැන විප්ලවවාදී ලෙස තේරුම් කිරීමයි. උද්ඝෝෂණය යන්නෙන් වචනයේ ස්ථිර අර්ථයෙන්ම අපට වැටහෙන්නේ නියමිත හා පැහැදිලි ක්‍රියාවන්හි නිරතවන ලෙස උඩු ජනතාවට හඬ නැගීම සහ කෙලින්ම විප්ලවවාදීන් ලෙස සමාජ ජීවිතයට මැදිහත්වීම සඳහා නිර්ධන පන්තිය උනන්දු කරවීම ය”.

ලිබනෙක්ට් විටෙක සදහන් කළ ත්‍රිත්වය වූයේ “හදාරමු”  “ප්‍රචාරය කරමු” සහ “සංවිධානය වෙමු” යන්න ය.

කොමියුනිස්ට්වාදීනට උද්ඝෝෂණය වැදගත් වන්නේ කෙසේ ද? උද්ඝෝෂණයන්ගෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක් ද?

  1. වැඩකරන ජනතාව තුළ ඇතිවන ඔවුනගේ එදිනෙදා ගැටලු පදනම් කරගත් චලනයන් සමග වැඩකරන ජනතාවගේ ව්‍යාපාරය අඟලක් හෝ ඉදිරියට ගෙනයාම සහ වැඩකරන ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීම;
  2. වැඩකරන ජනතාවගේ දෛනික ගැටළු මුලින් අප සඳහන් කළ ත්‍රිත්ව අරමුණු හා ඇතී සම්බන්ධය භාවිතයේ දී පැහැදිලි කර පෙන්වමින් වැඩකරන ජනතා ව්‍යාපාරයේ දිසානතියට නව අරුතක් දීම සහ වැඩකරන ජනතාව නව සටන් ව්‍යුහයයන් (ෆැක්ටරි කොමිටි, අසල්වැසි සභා, වර්ජන කොමිටි) හරහා සංවිධානය කිරීම කරා මෙහෙයවීම.
  3. කොමියුනිස්ට්වාදී කාර්‍යධරයන් උද්ඝොෂණවලට සම්බන්ධ කිරීම හරහා ඔවුන් වැඩකරන ජනතා ව්‍යාපාරය සමග අනන්‍ය කිරීම සහ ඔවුන් අභ්‍යන්තරකරණය කිරීම.
  4. වැඩකරන ජනතා ව්‍යාපාරයේ ඓන්ද්‍රිය නායකයන් කොමියුනිස්ට් කාර්‍යධරයන් ලෙස සම්බන්ධකර ගැන්ම හරහා විප්ලවවාදී පක්ෂය වැඩකරන ජනතා ව්‍යාපාරය තුළ අභ්‍යන්තරකරණය කිරීම.

යනුවෙන් ප්‍රධාන කරුණු හතරක් අවධාරණය කළ හැක.

සුමනසිරි ලියනගේ

sumanasiri.liyanage@gmail.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *