‘පක්ෂයක් ගොඩනැඟීම’ යන්නෙන් කුමක් අදහස් කළයුතු ද ?

(පළමුවෙනි කොටස – සංවාද කළ හැක!)
විජේ ප්‍රසාද් ට අනුව න්‍යාය සහ භාවිතය අතර හිඩැස පියවීමට නම් සංවිධානයක් අවශ්‍ය වන්නේ ය. මේ සන්දර්භය තුළ පක්ෂයක් ගැන කථා කිරීමේදී නිතැතින්
අප මතකයට එන්නේ බෝල්ෂේවික් පක්ෂය සහ ඒ සදහා ලෙනින් කළ අරගලය ය. සමාජ වෙනසක් ගැන ඉතාමත් ප්‍රාථමික දැනුමක් ඇතුව සටන් වැදුන කම්කරුවන්,
ගොවීන්, සහ සොල්දාදුවන් මාස 10 ක කෙටිකාලයක් ඇතුලත රාජ්‍ය බලය ඩැහැගැන්මට දැනුවත් වූයේ බෝල්ෂේවික් පක්ෂයේ මග පෙන්වීම යටතේ ය. එ මගින්
න්‍යාය සහ භාවිතය යා කෙරින.

බෝල්ෂේවික් පක්ෂය ගොඩනැගීමේ අරගලයේ දී ලෙනින් විසින් කළ දැවැන්ත න්‍යායයාත්මක වාද විවාද අප කෙතෙක් උත්කර්ෂණය කළද, චීනය, වියට්නාමය, යුගෝස්ලෝවියාව, කියුබාව සහ නිකරගුවාව යන රටවල රාජ්‍යබලය ඩැහගැන්මේ සටන්වලදී එවන් ලොකු න්‍යායයාත්මක වාද විවාද නොතිබින. එකී රටවල් කිසියම් ප්‍රමාණයකින් සමාජ වෙනසකට හේතුවුන ප්‍රතිසංස්කරණද ක්‍රියාවට නැගූහ.

මේනිසා කිසියම් ඒකාග්‍රතාවයකින් හෙබි සංවිධානයක අනීවාර්‍ය් වුවමනාව බෝල්ෂේවික් වර්ගයේ පක්ෂයක වුවමනාවකට ලඝු නොකළ යුතු වේ. ඒ සංවිධානය විවිධ හැඩයයන් ගනු ඇත. ඒක ආකෘතික පක්ෂයක් හැමතැනකම තිබියයුතු නොවේ. එසේ විය නොහේ.

බෝල්ෂේවික් පක්ෂය අද නිර්වචනය කරන ආකෘතිය බෝල්ෂේවික් ඉතිහාසය තුළ දැකිය හැකිද? බෝල්ෂේවික් පක්ෂය යන්න මූලික වශයෙන් දෘෂ්ටිවාදයක් මිස ආකෘතියක් නොවේ. එය ආකෘතිගත කෙරුනේ රුසියානු කම්කරු රාජ්‍යයේ වුවමනාවට ය. ඒ මහ පොලවේ කාර්‍ය්භාරයක් ඊට පැවරීම සමගය. දෘෂ්ටිවාදයක් ලෙස බෝල්ෂේවික් පක්ෂය මගින් කියවුන දේ සාරංශ කිරීම වැදගත් ය.

1. හැම සමාජ ක්‍රමයක ම අධිපති දෘෂ්ටිවාදය එම සමාජයේ අධිපති පංතීන්හි දෘෂ්ටිවාදය ය.
2. අධිපති දෘෂ්ටිවාදය සකස් වී තිබෙන්නේ පවත්නා සමාජ ක්‍රමය සුජාතකරණය කොට රැක ගැන්මට ය.
3. වෙනස් අසම්මත දෘෂ්ටිවාදයයන් මතුවිය හැකි වුවද ආධිපත්‍ය දෘෂ්ටිවාදය එක්කෝ ඒවා පරාජය කරයි. නැත්නම් ඒවා              ආධිපත්‍ය දෘෂ්ටිවාදයට අනුකලනය කරගනී.
4. මෙම හැම සමාජ ක්‍රමයකටම පොදු චරිතාංග වඩාත් ශක්තිමත්ව ප්‍රතිෂ්ඨාපනය වී ඇත්තේ ධනේශ්වර සමාජ ක්‍රමයේ දී              ය. ඒ    එහි ශක්තිමත් සහ බහුවිධ සිවිල්සමාජයක් පවතින හෙයිනි. ධනේශ්වර ක්‍රමය තුළ චංඩ බලයට (coercion) වඩා         ධර්ම බලය (hegemony) එහි පැවැත්ම සදහා වැදගත් ය.
5. ධනේශ්වර සමාජයක වැඩකරන ජනතාව තුළ මෙකී දෘෂ්ටිවාදය ප්‍රධාන වශයෙන් ප්‍රකාශණය වන්නේ එක්කෝ                        ආර්ථිකවාදය (economism) නැත්නම් වෘත්තීය සමිතිවාදය (tradeunionism) ලෙස ය. එකී අදහස් පංතිය තුළ                    නිතැතින්  ඇතිවිය හැකි ඒවා නිසා පංතිය ඒ අදහස් තුළ මුල් බැස ගන්නේ ය.
6. කොමියුනිස්ට්වාදය ධනේශ්වර ක්‍රමය සහ පංති ආධිපත්‍යය තුළ බිහි වුවද, එය විකල්ප දෘෂ්ටිවාදය කි. එය නිතැතින් පංතිය      වැළඳ නොගනී. එය ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂාකර ගැන්ම කළ හැක්කේ ඉන්කියුබේටරයක් තුළ ය. ඒ                              ඉන්කියුබේටරය   විප්ලවවාදී පක්ෂය වේ.
7. දෘෂ්ටිවාදී අරගලය පක්ෂයට පිටතින් එන සහ ඇතුලතින් මතුවන විශභීජයන්ටද එරෙහිව නොකඩවා සහ නිරනුකම්පිකව        කළ යුත්තකි.
8. ඒ තේරුමෙන් ගත්විට විප්ලවවාදී පක්ෂය ධනේශ්වර සමාජයක පැවතිය හැකි එකම ස්වාධීන වසම වේ.

උක්ත කරුණු අතිශයෝක්තිකරණයට ලක්කළ සත්‍යයයන් ලෙස හැදින්වීම නිවැරදි යයි සිතමි. ලෙනින් එම අතිශයෝක්තිකරණයන් ඔහුට රිසි මාත්‍රාවෙන් කාලෝචිත සහ අවස්ථෝචිත ලෙස යොදා ගත්තේ ය. රෝසා ලක්සම්බර්ග් ලෙනින්ගේ මෙම අතිශයෝක්තිකරණය මනාව තේරුම් ගත්තා ය. ඇය 5, 6 සහ 8 ප්‍රශ්න කළා ය. වැඩකරන ජනතාව පංති සටන තුළ ම විප්ලවවාදී විඤ්ඤාණය අත්කරගන්නට සමත්වනු ඇතැයි යන්න ඇයගේ මතය විය.

සුමනසිරි ලියනගේ විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *