ශ්‍රී ලංකාවේ ක්‍ෂුද්‍ර මුල්‍ය අර්බුදය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය කථාකරයි!

“සමකාලීන වහල්භාවය” පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ශ්‍රී ලංකාවේ ක්‍ෂුද්‍ර මුල්‍ය අර්බුදය විමසා බැලීමට ශ්‍රී ලංකාවේ සංචාරයක පසුගියදා නිරතවිය. “ශුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත්වූ කාන්තා සාමුහිකය” ඒකසත් ජාතීන්ගේ නියෝජිත ටොමෝයෝ ඔබෝකටා මහතා දෙසැම්බර් 01 දින හමුවිය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාව ශුද්‍ර මූල්‍ය ණය උගුලේ හසුවීම හා ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳ තමන් හඳුණාගත් කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කරනු ලැබීය. එම කරුණු පිළිබඳ සටහනක් පහත දැක්වේ.

“හඳුන්වා දී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල, ගෘහ මූලික පවුල්වල බොහෝ කාන්තාවන්ට බලපාන තවත් උග්‍ර ගැටළුවක් බවට පත්ව තිබේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ආදායම් උපයාගිනීමට අවස්ථා නොමැති බව පෙනේ. ලියාපදිංචි බැංකුවලින් ණයක් ලබා ගැනීමට නොහැකි බැවින් ද ඔවුන්ගේ පවුල හෝ සිය කුඩා ව්‍යාපාර නඩත්තු කිරීම වෙනුවෙන් ණය මත යැපීමට සිදුව තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් පහසුවෙන් ඔවුන් ගොදුරක් බවට ඉලක්ක කරන බව දැකිය හැකිය. ඔවුන් ලබාගන්නා ණය සඳහා පොලී අනුපාතයන් ඉතා ඉහළ මට්ටමක පවතී. ණය මුදල සඳහා සතියකට 20 -30% හෝ ඊටත් වඩා වැඩි පොලී මුදලක් සමාගම් විසින් අය කරන බව පෙනේ. විවිධ සමාගම් අත්සන් කරනු ලබන ණය ගිවිසුම් සඳහා මෙම කාන්තාවන්ට නොතේරෙන ඉංග්‍රීසි භාෂාව යොදාගෙන තිබේ. ගිවිසුම් ප්‍රකාශයන් පිළිබඳව හෝ කොන්දේශි පිළිබඳව පූර්ණ අවබෝධයක් නොමැතිව ඔවුන් අත්සන් කරන බව කිහිප දෙනෙකු විසින් ම මට පැහැදිළි කරන ලදී.

විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල පීඩාවටපත් කාන්තාවන් ඉලක්ක කරගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයන්හී ප්‍රතිඵලයක් ලෙස, ණය හිලවු කිරීම සඳහා වයස අවුරුදු 16 ට අඩු ළමයින් ළමා ශ්‍රමයේ යෙදවීමට බලකෙරෙන බව දැනගන්නට තිබේ.

ණය පොලී අනුපාත ඉහළ යෑම නිසා බොහෝ කාන්තාවන් ණය බරින් මිරිකී සිටී. පසුගිය වසර කිහිපය තුළ කාන්තාවන් 200 කට අධික සංඛ්‍යාවක් මේ හේතුව නිසාම සියදිවි නසා ගැනීමට පෙළඹී ඇති බව වාර්තා වේ. කුෂුද්‍ර මුල්‍ය ණය උගුලේ හිරවූ බොහෝ කාන්තාවන් තම ණය ගෙවීම සඳහා ලිංගික සේවා සඳහා යොමුවීම, සූරාකෑම සහ අපයෝජනවලින් ගහන ගෘහස්ත සේවා වැනි වෙනත් ඔවුනට බල කෙරෙන රැකියාවකට යොමු වන බව පාර්ශව ගණනාවක් විසින් පෙන්වා දේ.

තවත් කරුණක් වනුයේ මෑන්පවර් සේවය සඳහා බඳවා ගන්නා නියෝජිතායතන බොහොමයක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කරන අතර සමහර විට ඔවුන් ණයගැති කාන්තාවන් නිදහස් වෙළඳ කලාපයේ සහ වෙනත් ස්ථානවල සේවයට යොදා ගන්නා බව පවසයි. සතිපතා මුදල් එකතු කරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියෝජිතයන් ගෙවීම් පහසු කිරීම සඳහා නිරන්තරයෙන් ලිංගික අනුග්‍රහය ඉල්ලා සිටින බව ද හෙළිදරව්වී තිබේ. මේ කාන්තාවන් මුහුණ දෙන අවදානම සහ පැහැදිලි සූරාකෑමකට ගොදුරුවී සිටින බව පෙනේ.

එසේම බොහෝ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් මැද පෙරදිග රටවල් ඇතුළුව විදේශ රැකියා සඳහා සංක්‍රමණය වීමට මෙම කාන්තාවන්ට පහසුකම් සපයන බව පැවසෙන අතර බඳවා ගැනීමේ නියෝජිත ආයතන සමඟ සම්බන්ධවී ක්‍රියාකරන බව පෙනේ. අදාළ කාන්තාවන් විදේශ රැකියා සඳහා බඳවා ගැනීමේ කොන්දේසියක් ලෙස මෙම කාන්තාවන්ට ණය ගෙවීම සඳහා දිරි දීමනා ලෙස මුදල් ලබාදෙන බව ද පැවසේ.

මෙලෙස අධික ලෙස පීඩාවට පත් කාන්තාවන් සූරාකෑමටගොදුරු කරගන්නා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කිරීම හෝ අධීක්ෂණය කිරීමට රජය මෙතෙක් කිසියම් ම හෝ ඵලදායි පියවරක් ගෙන නොමැති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශුද්‍ර මූල්‍ය සමාගම් අඛණ්ඩවවිසින් සිදුකරනු ලබන සූරාකෑම ඛේදවාචකයක් බවට පත්ව තිබෙන බව පෙනේ.

පොලීසිය වැනි ආයතන අනියම් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සමඟ සම්බන්ධවීමේ හැකියාව පවතින බැවින් පොලිසියට වෙත කරනු ලබන පැමිණිලි පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බවක් නොපෙනේ. මෙම තත්වය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට ගොදුරුවී සිටින කාන්තාවන්ට යුක්තිය සහ පිළියම් සෙවීම සඳහා කෙරෙන මැදිහත්වීම බාධාවක් බව හඳුණාගත් තවත් කරුණකි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව වැනි අනෙකුත් ආයතන ද මේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශනය කිරීමේදී ප්‍රමාණවත් ලෙස ක්‍රියාශීලී නොවීමද දකින්ට තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සංශෝධනයක් ගෙන එන බව රජය ප්‍රකාශ කළ ද එය තවදුරටත් ප්‍රමාද නොකර කඩිනම් කරන්නේ නමි මෙම පීඩාවට පත් කාන්තාවන් මුදවා ගැනීමට පිළියමක් වනු ඇත.

මේ සඳහා නිර්දේශයන් ලෙස යෝජනාකර ඇත්තේ

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල හැසිරීම පිළිබඳව විධිමත් හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කිරීම. අසාධාරණ සහ අධික ණය කපා හැරීම සහ පොලී සීමාවන් පිළිබඳව ඵලදායී පාලනයක් සහ අධීක්ෂණයක් හඳුන්වා දීම

ඉතුරුම් සහ ණය (සකසුරුවම්) සමිති හරහා දැරිය හැකි ණය සඳහා ප්‍රවේශය සහතික කිරීම, සමුපකාර බැංකු සහ ග්‍රාම සංවර්ධන බැංකු (ප්‍රාදේශීය සංවර්ධන බැංකු) යොදාගැනීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *