එක්සත් පොදු සේවක සංගමයේ විධායක සභාව රැස්වේ!

කොවිඩ් වසංගත තත්ත්වය නිසා දිගු කලකින් රැස්වීමට නොහැකි වු එක්සත් පොදු සේවක සංගමයේ විධායක සභාව නොවැම්බර්  21 දින සංගමයේ ප්‍රධාන ලේකමි නීල් විජේතිලක සහෝදරයාගේ සහ සංවිධායක ලේකම් නිහාල් අජිත් යන සහොදරවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොම්පඤ්ඤ වීදිය අංක 17, බැරැක්ක පටුමග, එක්සත් කම්කරු සම්මේලන කාර්‍ය්‍යාලයේදී රැස්විය.

සමස්ථ දිවයිනේ මාර්‍ග කම්කරුවන් සහ සංස්කෘතික ත්‍රිකෝණයේ සේවකයන්ගෙන් සමන්විත සංගමයේ නියෝජිත විධායක සභාව කෝවිඩි වසංගත තත්වය තුළ සේවකයන් මුහුණ දෙන්නට සිදුව තිබෙන ආයතනික හා වෘත්තීය ප්‍රශ්ණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

2021 පොදුජන පෙරමුණු ආණ්ඩුවේ නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද  අයවැය යෝජනා පිළිබඳව විධායක සභාවේ සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා වූ විශේෂ දේශණයක් ප්‍රවීණ වෘත්තීය සමිතිවේදීයෙකු හා ලංකා බැංකු සේවක සංගමයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති කේසර කෝට්ටේගොඩ සහෝදරයා පවත්වනු ලැබීය.

සෘජු හා වක්‍ර බදු 100% ක් ම ගෙවීමට සිදු වී ඇත්තේ රටේ පීඩිත ජනතවටත්, වැඩ කරන පංතියට බව ඔහු පැහැදිළි කළේය. ඒ  වගේම EPF, ETF අරමුදල්වලට බලපාන සෘජු බදු ක්‍රමය නිසා වැඩ කරන පංතියේ තැන්පතු වලින් දෙවන වරටත් සූරා කෑමට ලක්වන ආකාරය ද මැනවින් පැහැදිළි කරනු ලැබීය. භාණ්ඩ හා සේවා බද්ද ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බැවින් ඉදිරි වසර ආරම්භයත් සමග සියලු භාණ්ඩවල හා සේවාවන්වල මිල අද පවතින මිළ ගණන් 15% පමණ ඉහළ යන ආකාරය පැහැදිළි කරන ලදි.

කේසර කෝට්ටෙගොඩවිතාන සහෝදරයාගේ සම්පූර්‍ණ දේශණයට පහත ලින්ක් ඒකෙන් ඔබට සවන්දිය හැක.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *