පාරිසරික ගොවිතැන යථාර්‍තයක් කරගනිමු!

“ඔය කියන විදියට පොහොර නැතුව කෘෂි කර්මාන්තේ කරන්න බැහැ. ඔහෙලා මොනවා කිව්වත් ..”

වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම ගොවි නායකයා එහෙම තමයි කියලා මේ වැඩේ පටන් ගත්තේ.

පසුගිය දවසක පොල්ගොල්ලේදී අපේ ගොවි නායකයන් එකතු වෙලා කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදියට තමා අපිට පසුගිය දවස් දෙකේ ඒ කියන්නේ නොවැම්බරයේ 18/19 දෙදින තුළ “වලව වම් ඉවුර ගොවින් ” එක්ක පාරිසරික ගොවිතැන පිලිබඳව හොඳ සංවාදයක් දිග හැරගන්න පුළුවන් වුනේ. ඇත්තට ම ගොවීන් කැමතියි සෑබෑවට ම මේ කියන කෘෂිකර්‍ම මාරම. ඔවුන් දිගටම කියන්නේ රජය මේ තීන්දු තීරණ ගත්තේම ගොවියා ගැන හිත්නනෙ නැතුව කියලා.

පැහැදිලිව ම ඒ කතාව ඇත්ත. කෘෂිකර්‍ම දෙපාර්‍තමේන්තුව, ගොවිජන සේවා, මහවැලිය මේ වෙනස සඳහා කිසිදු වැඩපිළිවෙලක් නිර්මාණ කර නැහැ. ගොවියෝ චෝදනා කරන්නේ “කොම්පෝස්ට්” කියන වචනෙට එහා ගිය කිසිදු වැඩපිළිවෙලක් රජයට නෑ කියලයි.

නමුත්, “වල්සපුගල අලි කලමණාකරන රක්ෂිතය” ඉල්ලා දින 100 ක සත්‍යග්‍රහයක් කළ ගොවි ජනයා රජයට අභියෝග කරමින් පවසන්නේ එම අභියෝගය භාරගන්න තමන් සූදානම් බවයි. ගොවින්ගේ පැවත්ම තහවුරු කරන්නට මේ ගොවි නායකයන්ට තියෙන උවමනාව නිසා ම “ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය” හා මැදිහත් වීමෙන් පාරිසරික ගොවිතැන පිළිබඳ සාකච්ඡාවක් හා ප්‍රායෝගික පුහුණුවකට යොමුවෙන්න ඔවුන්ට අවසිථාව ලැබුණා.

මේ සාකච්ඡාවෙන් පස්සෙ දෙගිඩියාවෙන් හිටපු ගොවින් කිව්ව‍ෙ, “ඔව්! පාරිසරික ගොවිතැන කියන්නේ දේශපාලනික තීන්දුවක් තමයි. දැන් අපිට තේරෙනවා පොහොර ඉල්ලා පාරේ හිටියා කියලා මේක බේර ගන්න බැහැ කියල. අපිට සමාගම් මත යැපෙන්න සිද්ධ කරන්නේ රජය විසින් ගන්න තීන්දු නිසයි. අපිට අපේ නිෂ්පාදන විකුණගන්න විදිහයක් නැහැ. අපිට වේලාවට වතුර ටික දෙන්නේ නැහැ.

මේ තමයි ගොවි සංවිධානය විදියට සැබෑ වෙනසකට තීන්දු ගන්න හොඳම වේලාව. අපි කාගේවත් වහල්ලු නොවී ගොවි  බලය අපි විසින් ම අත්පත් කර ගැනීම මෙහිදී ඉතාම වැදගත්. කෘෂිකර්‍මාන්තය කියන්නෙ ම දේශපාලනික ක්‍රියාවලියක්. මේ සැරේ අපි වැඩ පටන් ගන්නවා. පාරිසරික ගොවිතැන යාථාර්‍තයක් කරන එක ආමාරු නැහැ. රජයට කිසිම උවමනාවක් නැහැ. ගත්ත තීන්දු ව ක්‍රියාත්මක කරන්න.” ගොවි නායකයො සාකච්ඡාව ඇතුළේ අදහස් කිවවෙ ඒ විදියට

“වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය” සමග “ඉඩම් හා කෘෂිකර්‍ම ප්‍රතිසංස්කරණය ව්‍යාපාරය” ගොවීන් දිරිමත් කරන්නට කුරුළුතු, ගෝනබර, සුවඳැල් හා පච්චපෙරුමාල්  බිත්තර වී වර්‍ග ලබාදුන් අතර ලබන කන්නයේදී මෙහි උත්සාහයේ ප්‍රතිඵල කොහොමද කියල බලන්න පුළුවන් වේවි.

අපි ගොවියා ගේ අයිතිවාසිකම් වගේම සොබාදහමේ අයිතිවාසිකම්, පාරිභෝගිකයගෙ අයිතිවාසිකම් තහවුරු කරමින් පාරිසරික ගොවිතැන යතාර්ථයක් කරගන්න මැදිහත් වෙමු.

“ආහාර ස්වේරීභාවයෙන් තොරව ලෝකයට ආනාගතයක් නොමැත.”

සටහන ලිව්වේ විමුක්ති ද සිල්වා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *