අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු සිසුජන නායකයින් පස්දෙනාට හෝමාගම මහාධිකරණයෙන් ඇප!

කොතලාවල පනතට එරෙහි අරගලයට නායකත්වය දීම හේතුවෙන් සිරගත කර සිටි අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු සිසුජන නායකයින්ට අද හෝමාගම මහාධිකරණයේදී ඇප නියම කෙරිණි.

පසුගිය අගෝ.03 දින පැවැත්වූ විරෝධතා උද්ඝෝෂණය හේතුවෙන් පොදු දේපල පනත යටතේ ව්‍යාජ චෝදනා නගමින් දින 100 ට අධික කාලයක් රිමාන්ඩ බන්ධනාගාර ගතකර සිට්න ලදී.

මෙලෙස මෙම සහෝදරවරුන් පස් දෙනාට ඇප නියම වෙද්දී අ.වි.ශි.බ ම හා සිසුජන ව්‍යාපාරයේ තවත් නායකයින් 05 දෙනෙකුට නැවත පොදු දේපල පනත යටතේ චෝදනාවක් ගොනුකොට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර ඇති බව වාර්තා වේ.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබූ දුමින්ද සිල්වා වැන්නවුන්ට ජනපති සමාව දී නිදහස් කොට රජයේ තනතුරු ප්‍රධානය කළ ආණ්ඩුවක් විසිනි. සය වසරක සිරදඬුවම් නියම කර සිටි ගලගොඩ අත්තේ ඤාණසාර හිමි ජනාධිපති සමාව යටතේ නිදහස් කොට “එක රටක් එක නීතියක්” සකස් කිරීමට උපදෙස් දෙන්නට කොමිසමක් නම්කොට එහි සභාපති ධූරයට පත කළ ආණ්ඩුවක් විසිනි.

මේ රජය උදුරාගනිමින් සිටින්නේ ජනතාව සතු විරෝධය දැක්වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි. මෙම අත්තනෝමතික සිරගත කිරීම්වලට, මර්දනයට එරෙහිව සියලු ජනතාව එක්ව විරෝධය දැක්විය යුතුව ඇති බව සිසුජන ව්‍යාපාරය යෝජනාකර සිටී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *