ශ්‍රී ලාංකික “සමාජවාදී විප්ලවය” යථාර්තයක් ද? ෆැන්ටසියක් ද?

ශ්‍රී ලංකාව තුල “සමාජවාදය” පිළිබඳවූ යම් බලාපොරොත්තුවක් සඳහා වූ අරුනළු හටගනු ලැබුවේ 1935 තරම් ඈත “ ලංකා සමසමාජ පක්ෂය” පිහිටුවීමෙන් අනතුරුව යැයි යමෙක් පවසන්නේ නම් එය බොහෝදුරකට නිවැරදි විය හැකිය.

එදාසිට අද දක්වාම, එනම් 1935 සිට 2021 දක්වාවූ දශක අටකට වැඩි කාල පරාසයක් පුරාවට ශ්‍රී ලංකාව තුල සමාජවාදී සමාජයක් පිහිටුවාලීම වෙනුවෙන් බොහෝ වාමාංශික පක්ශ සහ ක්‍රියාධරයින් ඉතා වෙහෙස මහන්සියෙන් ද ජීවිත පරිත්‍යාගයෙන්ද කටයුතුකොට තිබුනා පමණක් නොව ඔවුන් තුල ලංකා භූමිය තුළ සමාජවාදී සමාජයක් පිහිටුවීමේ “ සිහිනය” ප්‍රායෝගිකව යම් ආකාරයකින් හෝ යථාර්තයක් බවට පත්කරගැනීමේ තීරනාත්මක අවස්ථා කිහිපයක්ද ඔවුන් උදාකරගත් බවද සාවද්‍ය නොවේ.

1952 දී පැවති “ හර්තාලය”,1971 දී ඇතිවූ “තරුණ නැඟිටීම්”, සහ 1989 දී ඇතිවූ “ දේශප්‍රේමී අරගලය” මෙම ඉහතකී වාමාංශිකයින්ගේ “ සිහිනය” නැත්නම් “ ෆැන්ටසිය” ප්‍රායෝගිකව යථාර්තයක් බවට පත්කරගැනීමට ඉතා ආසන්නයට පැමිනි අවස්තා හැටියට හැඳින්විය හැක.( එකී අවස්ථාවල පැවති අඩුපාඩුකම් සියල්ල පසෙකින් තබා බැලූකල්හි පවා).

එහෙත් 1989න් පසු කාලය සැලකූවිට අද දක්වාම ගෙවුනු දශක 3 ක කාලය තුල එවන් “ ආසන්න” අවස්තාක් හෝ පැනනැගුනේ නොමැතිවා පමනක් නොව එවන් “අවස්ථාවක්” උදාකරගැනීමට අවශ්‍යකරන සාධක නිර්මාණය කරගැනීමට පවා නොහැකිවී ඇත.එනම් වාමාංශික පක්ශ සහ ඒවායේ ක්‍රියාධරයින් ඔවුන් පරිකල්පණය කරනු ලබන “ සමාජවාදී සමාජය” ඔවුන්ගේම ෆැන්ටසියක් ලෙසින් පවත්වාගෙන ගොස් දැන් දශක තුනකුත් ඉක්ම ගොස් ඇත.

එපමණක් නොව එම “ ෆැන්ටසිය” පාර්ලිමේන්තුවේ ආසන කිහිපයක් වැඩිකරගැනීම, තමාගේ ප්‍රභලම විරුද්ධවාදියා වන “ ප්‍රාග්ධනය” සමග නොව ප්‍රාග්ධනයේ නියෝජිතයින් ලෙස වරින් වර පත්වනු ලබන එහි නියෝජිතයින් සමග “ ගේම” ඉල්ලීම සහ එය තවදුරටත් අවාසනාවන්ත අන්තයකට යමින් වාමාංශික පක්ෂ නියෝජනය වන ඒ ඒ පක්ෂ අතර කුලළ් කාගැනීමත් එකිනෙකා විවේචනය කරගැනීම සහ දූපත් මානසිකත්වය දක්වා පල්ලම් බැසීම වැනි ඉතා අගතිගාමී ලෙසකින් “ සමාජවාදී ෆැන්ටසිය” යථාර්තයක් බවට පත්කරගැනීමේ කර්තව්‍ය දිනෙන් දිනම තමන් තුලමවූ ෆැන්ටසියක් ලෙසින්ම පවත්වාගෙනයාමට කැසකවමින් සිටී.

ඇත්තෙන්ම 1952 සිදුවූ හර්තාලය කෙසේ වෙතත් 1971 සිදුවූ තරුණ නැඟිටීමත් ඉතා “ ජාතික”( දූපතට සීමාවූ) මට්ටමේ වැඩපිලිවෙළක් වූවා මිස එය කිසිදු අයුරකින් ජාත්‍යාන්තර වැඩපිලිවෙළක දිගුවක් නොවීය.

එම අරගලය මර්ධනයට චීනය, රුසියාව වැනි රටවල් නැඹුරවක් දැක්වීම මගින් එය මනාව තහවුරුවේ.එසේම විප්ලවීය පරමාදර්ශයක් ලෙස වාමාංශිකයින් බොහෝදෙනාගේ ආකර්ශනීයත්වයක් අත්කරගෙන සිටින කියුබාව පවා එහි නායක කැස්ත්‍රෝ පවා දැඩි දේශපාලන මිත්‍රත්වයක් පවත්වාගෙන ගියේ සිරිමාවෝ බන්ඩාරණායක ආන්ඩුව සමග මිස ලංකාවේ “ චේගුවේරා කාරයින්” සමග නොවේ.

එබැවින් එම අරගලයද ඉතාමත් “ජාතික” පන්නයේ දූපතටම සීමාවු අරගලයක් වීය. 89 අරගලයද ඊට වෙනස් තත්වයක් මතුකලා පමනක් නොව ඇතිවූ දැවැන්ත මර්ධනයට පවා පිලිසරණ පැතීමට සිදුවුයේ ලෝක සමාජවාදි බළකඳවුරු වලින් නොව යුරෝපීය ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ අනුහසින් බිහිවූ “ මානව හිමිකම් සුරැකීමේ” ආයතන වලිනි. වෙනතක් තබා එකී මර්ධනයට එවකට එලිපිටම විරෝධය දක්වා එවකට පැවති රජය හා කෙලින්ම ගැටුනේ මෙරට සිටි සමාජවාදී රටවල තානාපතිවරු නොව එංගලන්තයේ මහකොමසාරිස්වරයා පමණි.

එනයින් ගත්කලද 71 මෙන්ම 89 අරගලයද ජාත්‍යාන්තර සමාජවාදී වැඩපිළිවෙලක එක්තරා දිගුවක් ලෙස හෝ පැණනැගුනාවු අරගල නොවීය. අද දක්වාද 89 අරගලය ජාත්‍යාන්තර දේශපාලණයේ කතාබහට පත්වන නොඑසේනම් ලෝක සමාජවාදී බලමුලුවල කථාබහට පත්වන හෝ ලක්වූ ඒවා නොවීය.ඒ අරගල තුල ක්‍රියාත්මකවූ ක්‍රියාධරයින් පෑ කැපකිරීම හා වීරත්වයන්වල ආශ්වාදයන් අදදක්වාම වාමාංශික ව්‍යාපාරතුල ආත්මීයව බැඳුනාවාත් අනුරාගීව වෙළුනාවූ දේවල් බවට පත්වී ඇතිමුත් ඒවා තුළ තිබූ නිශේධතාවයන් හරියාකාරව ග්‍රහණයකොටගෙන 21 වන සියවසට ගැලපෙනසේ දූපතෙන් ඔබ්බට බලපානු ලබන ඉදිරි දැක්මක් ඉදිරිපත් කිරීමටත් මේවනතෙක් ලාංකික වාමාංශික ව්‍යාපාරවලට නොහැකිවී ඇත.

මෙය තවත් ආකාරයකින් කියන්නේ නම් 71 දී කැප්පෙටිපොලලාත් 89 දී කීර්ති විජේබාහුලාත් කරලියට පිවිසීම හරියාකාරව තවමත් විග්‍රහකරගැනීමට නොහැකිවී ඇති බවයි.

එනයින් අවධාරණය කලහැක්කේ මේ නැඟිටීම් හුදු “ ජාතික විමුක්ති” ව්‍යාපාර ලෙසම නැත්නම් ඒවායේ හෙවනැලි ලෙස මිස ලංකාවතුල ඇතිවූවාවූ වාමාංශික අරගල පුලුල් මාක්ස්වාදී පදනමක පිහිටා ජාත්‍යන්තර වාම දේශපාලණික ක්‍රියාදාමයක දුගුවක් ලෙස පැවතියේ නැති බවයි.

එහෙත් ගැටළුව එය නොවේ. මේ අප ජීවත්වන 21 වන සියවසේදීද ලංකාව තුල “ වාමාංශය” ක්‍රියාත්මක වන්නේ ඉහත දැක්වූ “ ජාතික විමුක්ති” ක්‍රියාදාමයක නැත්නම් අමු ජාතික ක්‍රියාදාමයක වඩාත් සරලව කියන්නේනම් දූපතටම සීමාවූ ක්‍රියාදාමයක් ලෙසවීමයි. “ ශ්‍රී ලාංකික සමාජවාදී විප්ලවය” හුදු ෆැන්ටසියක් විලසින්ම තබාගැනීමට සිදුවීම මෙහි තාර්කික අවසානයවීම මෙයින් වැළැක්විය නොහැක.

මොහොතකට මේ ඉහත දැක්වූ කරුනු විග්‍රහ කරගැනීම සඳහා මාක්ස්වාදී ප්‍රවේශයකින් සලකා බලමු.මාක්ස් 1845 ත් 1846 මැදභාගයත් අතර කාලයේ බ්‍රසල්ස් නුවරදී ප්‍රස්තූත ගතකරන ලද “ ජර්මන් දෘශ්ඨිවාදය” නැමැති පොතේ දක්වා ඇතිපරිදි “ නිෂ්පාදන උපකරණ සහ පෞද්ගලික දේපල අතර පරස්පර විරෝධය මහා කර්මාන්තයන් තුලින් පමණක් ඇතිවන්නකි”.

එමතුනොව මෙම පරස්පර විරෝධය පැනනැගීම පිණිස මහාපරිමාණ කර්මාන්ත උසස් ලෙස වර්ධනය විය යුතුය.ඒ හේතු කරනකොටගෙන පෞද්ගලික දේපල අහෝසිකිරීම කලහැකිදෙයක් වන්නේ මහාකර්මාන්ත සමඟ පමණි.”(උපුටාගැනීම-ජර්මන් දෘශ්ඨිවාදය-සිංහල පරිවර්ථනය-පිටු අංක91/ජස්ටින් පියරත්න). එනම් මාක්ස් දැඩිව ආධාරණය කරනලද දෙයක් වන්නේ මෙම මහා කර්මාන්තවල පැවැත්ම සහ ඒවායේ ක්‍රියාකාරිත්වය තුල පමණක් දියුණු කම්කරු පංතියක් ඇතිවන බවත් එම කම්කරුවන් අතිරික්ත වටිනාකම් උද්දරනය කිරීමේදී ඇතිවන සූරාකෑම තුලින් ඔවුන් පංතියක් ලෙස ඉදිරියට පෙළගැසෙන බවත් ය.

දැන් මෙම මහා කර්මාන්ත කොපමන ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුල දියුණුවී ඇද්ද? එබැවින් මෙම ගැටළුව සරලව ගැනීමට හැකියාවක් ඇද්ද.ලංකාවේ වමාංශිකයාගේ විඤ්ඤානයට අනුව, මහා කර්මාන්ත ඇති කිරීමට යුරෝපීය ප්‍රාග්ධන ආයෝජනයන් යනු ඔවුනට අනුව පට්ට අවුලකි,ඒවා බටහිර කුමන්ත්‍රණ ලෙස ඔවුන් සළකයි. තවත් ආකාරයකට ලාංකීය වාමාංශිකයා ප්‍රාග්ධන ආයෝජන දකින්නේ අපේ දේවල් ඩැහැගැනීමට එන නැත්නම් අපව සූරාකෑමට එන විජාතික බලවේග ලෙසයි.

මෙලෙස මේ “අපේ දේවල්”නැත්නම් අපේ “ජාතික දේපොල” ලෙස ශ්‍රී ලාංකික වාමාංශිකයා හඳුනාගෙන ඇත්තේ බංකොලොත් රාජ්‍ය ඒකාධිකාරය යටතේම පවතින අතිරික්ත වටිනාකම් නොනිපදවන සේවාවල් ලෙසම පවත්වාගෙන යන බංකොලොතභාවයට පත්වී අද වනවිට නඩත්තුකිරීමට පවා නොහැකිව පණ අඳින, ආණ්ඩු පක්ෂවල හෙන්චයියන්ගෙන්ම කාලයෙන් කාලයට පුරවනු ලබන ආන්ඩුවේම හොරනෑ ලෙස පවතින ආයතන නැතිනම් දේපොලවේ.

මේ ආයතනවල් වල වාහන,පිරිස් බලය එන්නාවූ ඕනෑම මැතිවරණවලදී ඒ ඒ බලයේ පවතින පක්ෂ විසින් සිය මැතිවරණ කැම්පේන් වලට ඉතා නිර්ලජ්ජී ලෙස යොදාගනී. තවද ඒ ඒ ගම්වල අපේක්ශකයින් මේ ආයතනවල රැකියා දෙනුලබන බවට පොරොන්දු දෙමින් ජොබ් කාඩ් නිකුත් කරමින් ගම්වල තරුණ පරම්පරාව ද සිය බලය තහවුරු කරගැනීමට යොදාගනී.

මෙම ශ්‍රී ලාංකික වාමාංශිකයා මෙම ඉහතකී රාජ්‍ය ආයතන දේපොළ දෙස බලන්නේ සිය දිවිපුදා රැකගතයුතු දේවල් ලෙසයි.එබැවින් වසර සියයක් පමණ පසුපසින් ගාටන,21 වන සියවසට කිසිසේත් නොගැළපෙන තවමත් වැඩවසම් පසුගාමී තත්වයක පවතින මේ රාජ්‍යදේපල ප්‍රාග්ධන ආයෝජනවලට යටත්කොට ඒවායේ සේවකයින් අතිරික්ත වටිනාකම් නිපදවන දියුනු කම්කරුවන් පිරිසක් බවට පත්වන්නේ නම් ඒ කම්කරු පංතියට පංති සවිඤ්ඤාණකත්වය ගෙනයාමට ද වාමාංශිකයිනට ඉතා පහසුවනු ඇත.

අද මෙම රාජ්‍ය සේවකයින් යනු කිසිම වගකීමක් නොමැති වරප්‍රසාද ලබන කන්ඩායමක් මිස කම්කරුවන් ලෙස සූරාකෑමට ලක්වෙන පිරිසක් නොවේ.කෙසේ හෝ උප්පරවැට්ටියක් මගින් පඩියට අමතරව කීයක් හෝ හරිහම්බකරමින් බලයේ සිටින පක්ෂවලටම කත් අඳිමින් මිත්‍යාවල කරවටක් ගිලීසිටින මොවුනට කෙසේවත් වාමාංශික දේශපාලණය ගෝචර නොවන්නේ මේ පවත්නා තත්වය තුළ ඔවුන් ලබනා අසීමිත විනෝදය නිසා ද වේ.

බ්‍රිතාන්‍යයන් ලංකාව තුළ ධනේශ්වර ක්‍රමයක් ඇතිකිරීමට ගත් උත්සාහයේදී ඔවුනට මුල් අවධියේ ලංකාව තුල ධනපති පංතියක් නොතිබූ හෙයින් සියලු ආයතන රජයට අනුබද්ධව පිහිටුවාලීම සිදුකල අතර ක්‍රමයෙන් ධනපති පංතියක් ඇතිවන විට ඒවා රජයෙන් මුදාහැර ඒ ඒ ආයතන ප්‍රාග්ධනයට මුදාහැරීම ඔවුන්ගේ බලාපොරොත්තුව වීය.

ධනේශ්වර ක්‍රමය යුරෝපය තුළ ඉදිරියට ගියේත් යන්නේත් ඒ ආකාරයෙනි.අදවනවිට ධනපති රටවල වරායවල්, ගුවන් තොටුපොලවල් පමණක් නොව හිරගෙවල් පවා පුද්ගලික අංශයේ පවතී.ආංඩුව මගින් කරනු ලබන්නේ බොහෝවිට නීති සම්පාදනය සහ ආදායම් බදු අයකිරීම වැනි දේවල් පමණි.

මේ තත්වය මාක්ස් විසින් විස්තර කලේ පුද්ගලික අංශය මුලින් තරඟ කාරිත්වය යටතේ ද ඉන් පසු මොනොපලි යටතේ ද ඉන් පසු කතිපයාධිපත්‍ය යටතේ ඒවා විශාල තනි ඒකක මගින් බිලිගැනීමෙන් සෑදෙන කෝපරේට් ලෙස ද වර්ධනයවී ඇති නැති පරතරය විශාල වශයෙන් ඉහළ යන බවයි.

මේ තත්වය ශ්‍රී ලාංකික වාමාංශිකයා ග්‍රහණයකොටගෙන නැත. ඔවුන් තවම පසුවන්නේ අධිරාජ්‍යවාදය විකාශනය වුනු මුල්‍ යුගයේ පැවති තත්වය තුළය. නමුත් ඒ මුල් යුගයේ රට රටවල් අධිරාජ්‍යවාදීන් භූමි වශයෙන් බෙදාවෙන්කරගැනීම දැන් කල් ඉකුත්වී බොහෝ කල් ගොස් ඇත.

දැන් රටවල් බෙදාගැනීම මහා සමාගම් හරහා සිදුවී ඇති අතර රටවල් වලට වඩා මහා සමාගම් බලවත් වී ඇත. මූල්‍ය සංසරනය ප්‍රාග්ධන ගලනය ලොව වටා සැරිසරමින් ඇත. මේ තත්වයන් ග්‍රහණය කරගැනීම අද දවසේ ශ්‍රී ලාංකික වාමාංශිකයා හමුවේ වගකීමකි.

එසේ නොමැතිව අද දවසේ ශ්‍රී ලාංකික වාමාංශිකයාගේ අව්ඤ්ඤානික ආශාව “ අපේ දේවල්” රැකගැනීම”, “ දේශීය සම්පත් නිධාන රකින බහිරවන් මෙන් ආරක්ෂා කරගැනීම එක් අතකින් මහා කර්මාන්ත ඇතිවීම තුලින් උද්දරණය වන නිෂ්පාදන උපකරණ සහ පෞද්ගලික දේපළ අතර විරෝධය මතුවීම වලක්වනවා පමණක් නොව අවසානයේ එය සමපාතවන්නේ දේශීයත්වය,  වසර දහස් ගණනක ඊනියා ප්‍රෞඩ ඉතිහාසයක් කරතබාගෙන යන සංඝ පරපුර සහ ඊනියා දේශප්‍රේමීන් සමඟය.

මේ බලවේගද ඉතා පහසුවෙන් රාජපක්ෂලාට අවශෝෂණය කරගැනීම පහසු බැවින් මෙතුවක් කාලයක් සිදුවූවාක් මෙන් ඉදිරියටත් මේ ඊනියා දේශප්‍රේමීන් සමඟ “ වම” ගෑටීම නොවැලැක්විය හැකිය. තවද ප්‍රාග්ධනය සමඟ ඊට එරෙහිව පංතිය සූදානම් කරනු වෙනුවට කාලෙන් කාලෙට පත්වන ප්‍රාග්ධන ඒජන්තයා සමඟ “ ගේම” ඉල්ලීම සිය ප්‍රමුඛතම කාර්‍ය බවට පත්කරගෙන විවිධ ඉල්ලීම් මුල්කරගත් සටන් හතු පිපෙනවාක් මෙන් ඇති වනවිටදී ඒ ඒ ඉල්ලීම් ජනතාවට දිනාදීම සිය මුඛ්‍ය පරමාර්ථය බවට පත්කරගනිමින් සිටී.

වසර ගණනාවක් මෙසේ රාජ්‍ය සේවක ඉල්ලීම් දිනාදීමේ කොන්ත්‍රාත්තුව “ වම” විසින් ඉටුකරනු ලැබූව ද ඒ ඒ ඉල්ලීම් දිනාගත් සේවකයන් ද අවසානයේ නැවත මේ පවතින ක්‍රමයට ම මුක්කු ගැසීමෙන් මේ පවතින ආණ්ඩුවලට ම චන්දය ලබාදීමත් “ වම” දරුණු ලෙස නොසලකා හැරීමත් හරියාකාරව වාමාංශිකයින් ග්‍රහනය කොටගෙන නොමැත. දිගින් දිගටම වාමාංශිකයින් එකම පරීක්ෂනය කරමින් ඔවුන් වෙනස් ප්‍රථිපල බලාපොරොත්තු වන බවක් පෙනේ.

එසේම මාක්ස් පෙන්වාදුනේ “ සුවිශේෂ කාලපරිච්චේදයක් තුල විප්ලවවාදී අදහස්වල පැවැත්ම සඳහා ඊට පොරොතුව විප්ලවවාදී පංතියක පැවැත්ම තිබිය යුතුවෙයි” යනුවෙනි. ලංකාව තුළ විප්ලවවාදී පැවැත්ම වෙනුවට ඇත්තේ බංඩාර පැණියටත් යටවෙන, ලක්ෂ ගනනින් රැස්වී කතරගම දෙවියන් අහසේ දිස්වනතුරු බලාසිටීම වැනි ආගමික මිත්‍යාවලට යටවූ පරම්පරාවක් වන අතර මේ තුළ විප්ලවවාදී අදහස් මෙන්ම විප්ලවවාදී බලවේගයන් ද බලරහිත වුනු කාලපරිච්චේදයක් බව මනාව පැහැදිළි වේ.

මේ තත්වය ලෝකපරිමානයෙන්ද උද්ගතවී ඇති අතර ඒ තත්වයන් 1960 ගනන්වල අගභාගයේ පටන් දැඩිව උද්ගතවූ තත්වයක් ලෙස ලැක්ලව්- ශන්ටාල්මූෆ් යටතේ සංවාදයට පාත්‍රවූ “ පශ්චාත්මාක්ස්වාදය”( post marxism) යටතේ ද තවත් ආකාරයකට ඩෙරීඩා, ෆුකෝ බෝද්‍රිලා වැනි දාර්ශණිකයින් ප්‍රස්තූත ගතකල “පශ්චාත් නූතනත්වය”( postmodernism) යටතේ ද ඒ සමඟ ම “ මනෝ විශ්ලේශණය” යටතේ ද දැඩි සංවාදයක් ලෝක මට්ටමින් පැවතිය ද මේ සංවාදගත දැනුම ශ්‍රී ලාංකික වාමාංශිකයා හරියාකාරව විග්‍රහ කරගත්තේ හෝ ඒවා හරියාකාරව කියවාගැනීමේ උවමනාවක් ලාංකික වාමාංශිකයාට නොවීය.

එපමණක් නොව, හෙගල් විසින් ඉදිරිපත් කළ, phenomenology of spirit, philosophy of mind, philosophy of right, philosophy of mind වැනි පොත් හරහා ගෙන ආ දැනුම වෙනුවට ඔලුවෙන් සිටගත් හෙගල් මාක්ස් විසින් දෙපයින් සිටුවන ලදැයි යන්න පමණක් ශ්‍රී ලාංකීය වාමාංශිකයාට ඒත්තුයාම, හෙගල් ගේ සිට මාක්ස් දක්වාවූ විකාශනය ඛංඩනයක් නොව දැනුමේ ම විකාශණයක් බව නොගැනීම බටහිර දර්ශණය හරහා පැමිණි නූතන දර්ශනික දැනුම පමණක් නොව ලංකාව තුළ බිහිවූ උගත් බුද්ධිමතුන් ( නිව්ටන් ගුණසිංහ, කුමාරි ජයවර්ධන සිට අදදක්වා බිහිවූ බුද්ධිමතුන්) ලංකාව තුළ ගොඩනැංවූ දැනුම් ප්‍රමාණය සහ ගොඩනැංවූ සංවාද හරියාකාරව කියවාගැනීමේ වුවමනාවක් ලාංකීය වාමාංශිකයාට නොතිබුනා පමණක් නොව මෙකී බුද්ධිමතුන් අවග්ඤාවෙන් බැහැරකිරීම ශ්‍රී ලාංකික වාමාංශිකයා එදා මෙදා තුර පිළිපැද්දාවූ ඉතා වැරදි පුරුද්දක් විය.

තමන් නියෝජනය කරන කංඩායම් වල සහ පක්ෂවලම ඉහල නායකයින් කියන දේවල් ඇහීමටත්, ඒවායින් චූන් වීමටත්, ඒවා අනුගමනය කිරීමටත් සැදී පැහැදී සිටීම මෙහිඇති විශේෂ ලක්ෂණයකි. ඒ අතින් ගත්කල රාජපක්ෂගේ ගෝලබාලයන් ලෙසම වාමාංශිකයින් ඒ ඒ වාමාංශික නායකයින්ගේ ගෝලබාලයින් වී ඇති බව පෙනේ.

එසේම ලංකාවට රුසියාව හරහා බොහෝවිට රුසියාවේ “ ප්‍රගති ප්‍රකාශන මන්දිරය” හරහා පැමිණියේ ද ස්ටාලින්ගේ ආග්ඤාදායකත්වය යටතේ ලියවුනු තනි රටේ සමාජවාදයට පක්ෂ වූ වාමාංශික පොතපත මිස වඩා නිවැරදි මාක්ස්වාදී පොතපත නොවේ.

ස්ටාලින්ගේ යුගයේ ලොවවටා පැවතියේ ද ඒ තනිරටේ සමාජවාදී සංකල්පයට ආවැඩූ වාමාංශික දේශපාලණයකි. එවකට මීට එරෙහිවූයේ ට්‍රොස්ට්කි ප්‍රමුඛ යුරෝපයේ ගොඩනැහුනාවූ වාමාංශික දැනුම පමණි. රුසියානු රූබල්වලින් යැපුනාවූ ලොවවටා කොමියුනිස්ට් පක්ෂ බොහොමයක් ( ලංකාවේ ද ඇතුළුව) ස්ටාලින්ගේ නිර්මාක්ස්වාදී සංකල්ප භාවිතයට ගත්තේ එබැවිනි. වාසනාවකට සමසමාජ පක්ෂය යුරෝපීය අධ්‍යාපනය හරහා ට්‍රොස්ට්කිවාදී උගතුන් හා බුද්ධිමතුන් පිරිසක් විසින් ලංකාව තුළ යම් ආකාරයකට රුසියාවේ රූබල්වලට යටනොවන වාම දේශපාලණයක් ස්ථාපිත කිරීමේ කර්තව්‍යට උරදීමට උත්සාහ කළ ද අවාසනාවකට අවසානයේ සභාග ආන්ඩුවලට ගොස් ඇමතිකම් බෙදාගැනීමෙන් එහි අවසානය ද සනිටුහන් විය.

තවත් පැත්තකින් අපි නිකමට “ ලංකාවතුල හෙටදවසේ වාම විප්ලවයක් තුලින් ලංකාවතුල සමාජවාදී පාලන ක්‍රමයක් ඇතිවූයේ යැයි මොහොතකට කල්පනාකර බලමු. සත්‍යලෙසම එවිට සිදුවන්නේ එම බලය සතියකට දෙකකට වඩා ඔවුනට එය පවත්වාගෙන යා නොහැකි බවයි.

මක්නිසාද යත් අද පවතින ලෝක සංදර්භය අනුව ලංකාවට එවනුලබන “දියවැඩියාව” සඳහා සපයන බෙහෙත් ප්‍රමාණය නැවැත්වීම පමණක් උවද එම සමාජවාදී පාලණයක් බිඳවැට්ටීමට හොඳටම ප්‍රමාණවත් බැවිනි.

මීට අමතරව හඳුන්කූරක් නිෂ්පාදණය කිරීමටවත් අවශ්‍ය නිෂ්පාදණ උපකරණ නොමැති තත්වයකදී, සියලු භාන්ඩ ඉන්දියාව, චීනය සහ බටහිර බලවතුන්ගෙන් ආනයනය කරන තත්වයක් යටතේ ද අනිත් අතට ලංකාවේ ප්‍රධාන අපනයන භාන්ඩයක් වන “තේ” සඳහා ලෝක තේ වෙන්දේසිය ඇත්තේ ද ලංඩන් තේ වෙළඳ පොල හරහාවීම මෙන්ම දහස් ගණනක ජීවිකාව වන ඇඟලුම් අපනයනය ද ඇමරිකාවේ වෙළදපොළ ඉලක්ක කරගෙන සිදුවීම තුළ ද ලංකාව තුළ සතියකට මෙකී රටවල් විසින් ආර්ථික සම්භාදක පැනවීමෙන් මෙකී ගොඩනගන්නාවූ “ සමාජවාදී” පාලණයක් සුනු විසුනු කරදැමිය හැකිය.

මේ අත්දැකීම සයිප්‍රසය, වෙනිසියුලාව, ග්‍රීසිය සහ ලතින් ඇමරිකානු රටවල අප ඇති පදම් අත්දැක ඇත. ලෝකය තුළ බලවත් සමාජවාදී කඳවුරක් ස්ථාපිතවී නොමැති බැවින් මෙකී සම්භාධකවලට පිහිටවිය හැකි සමාජවාදී රටවල් නොමැති බැවින් ද මෙය තනි රටක සමාජවාදයක් ස්ථාපනයකිරීම අතිශය බරපතලකාරණයක් බව අප වටහාගත යුතුය.

මාක්ස්වාදය පැමිණියේ ද ධනවාදය පැමිණියාක් මෙන්ම යුරෝපයෙනි.මාක්ස් “ මාක්ස්වාදය” ප්‍රවාදගත කළේ ද ප්‍රංශය, ජර්මනිය සහ එංගලන්තයේ පැවැතියාවූ තත්වයන් තියුනු විශ්ලේශණයකට ලක්කිරීමෙනි.

ඒ අනුව ඔහු මාක්ස්වාදය මගින් විස්තර කළේ පවතින ධනේශ්වර ක්‍රමයට වඩා දියුනු ක්‍රමයක් ලෙස සමාජවාදය ඊට ඉදිරියෙන් සිටගතයුතු බවයි. එය සපුරා ජාත්‍යාන්තරවාදී වැඩක් මිස කෙසේවත් “ ජාතික” වැඩක් නොවේ.

ඒ සඳහා දියුණු නිශ්පාදන උපකරණවල සහ දියුනු නිශ්පාදන බලවේගවල කාර්‍යභාරය ඔහු ඉතා දැඩිව අවධාරණය කරන ලදී. “සැබෑ විමුක්‍තිය ලඟාකරගත හැක්කේ සැබෑ ලෝකයේදී සැබෑ මාර්ග වලින් පමණක් බවත්, වාෂ්ප යන්ත්‍ර සහ රෙදි වියන යන්ත්‍රය නොමැතිව වහල් ක්‍රමය අහෝසි කළ නොහැකි බවත්, වර්ධිත කෘෂිකාර්මාන්තයෙන් තොරව වැඩවසම් ක්‍රමය අහෝසි කළ නොහැකි බවත් පොදුවේ ගත්කල, මිනිසාට සෑහෙන ගුණාත්මක භාවයකින් සහ ප්‍රමාණාත්මක භාවයකින් තමාට අවශ්‍ය කෑම- බීම, ඉඳුම්- හිටුම්, හා ඇඳුම්- පැළඳුම් ලබාගැනීමට නොහැකිතාක් කල් ඔවුනට විමුක්ත වී ගැන්මට නොහැකි බවත්” ( ජර්මන් දෘශ්ඨිවාදය, පරිවර්ථනය- ජස්ටින් පියරත්න.පිටුව-44).

මේ අනුව පිහිටුවන්නාවූ “ සමාජවාදය” වූකලී දුප්පත්කම බෙදහදාගෙන කන, කන්න අඳින්න නොමැති, නිෂ්පාදනයක් නොමැති රතු හමුදාවක් පමණක් උජාරුවෙන් පවත්වාගෙන යන, නායකත්වය පමණක් වැදගත්වන ක්‍රමයක්නම් නොවේ.

එහෙත් ඉහතකී අඩුපාඩු මඟහරවා නොගෙන කෙසේ හෝ සමාජවාදය පිහිටුවීමෙන් ලැබෙන්නේ ඉහත දැක්වූ පන්නයේ ඌනසංවර්ධිත විකලාංගවූ සමාජවාදයක් පමණි.

අපකවුරුත් දන්නා පරිදි 1960 ගනන් වලදී ඇමරිකාව විසින් කියුබාව ආක්‍රමණය කිරීම සදහාවූ සැලසුම් ව්‍යාවර්ථ වූයේ එවකට ප්‍රභල සමාජවාදී බලකඳවුරක් ලෙස රුසියාව විසින් කියුබාව ආරක්ෂා කලනිසාම පමණි.

එහෙත් කියුබාව සමාජවාදී රාජ්‍යයක් ලෙස 21 වන සියවසේදී ඇරඹුනානම් එයට කිසිසේත් සමාජවාදී පියවරවල් එහි ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොපවතී. එපමණක් නොව 1959 පටන් කියුබාවට සම්භාදක දැමීම තුළ කියුබාව ගමන්කරන්නේ ද ඉතා අපහසු තත්වයෙන් බව නොරහසකි.

ග්‍රීසිය සහ සයිප්‍රසය තුළ පවා වාමාංශික පක්ෂ බලයට පත්වීමෙන් කෙටිකලකදී එම බලය පවත්වා ගෙනයාමේ නොහැකියාවෙන් පෙන්නුම් කළේදද ඉහත දැක්වූ කරුණු කාරණා මිස වෙන කිසිවක් නොවේ.

එසේනම් අපගේ “ සමාජවාදී” අදහස ෆැන්ටසියක්ම පමණක් ද? නැත. කිසිසේත් ම නැත. ඒ ෆැන්ටසිය යථාර්තයක් කරගැනීමට ලාංකීය වාමාංශිකයින් වහ වහා තම තමන් ඇතුල්වී දොරගුළු ලා සිටින්නාවූ බිත්තරකටුවලින් එළියට පැමිණිය යුතුය. ඉන්පසු දේශීය ජාතික වැඩපිළිවෙල වෙනුවට ජාත්‍යන්තර වාමාංශික ක්‍රියාකාරිත්වයකට අවතීර්ණ විය යුතුය.

මූලික පියවරක් ලෙස ආසියාව තුලවත් ආසියානු රටවල වාමාංශික පක්ෂ කන්ඩායම් ඇතුලුව ආසියානු කළාපයේ වාමාංශික ජාත්‍යන්තරයක් ගොඩනංවා ගතයුතුය. ඉන්දියාවේ වැඩකරන ජනතාව ලාංකික සමාජවාදී විප්ලවයට තීරණාත්මක සාධකයක් බව වටහා ගත යුතුය.

එසේම ස්ටැලින්වාදී නිර්මාක්ස්වාදී සංකල්ප වෙනුවට නිවැරදි මාක්ස්වාදය හැදෑරිය යුතුවේ. හරියාකාරව සමාජවාදය කරා ගමන් මග වැටී ඇත්තේ ඒ හරහා පමණි. හැකි ඉක්මනින් කලින් කලට පත්වන ධනේශ්වරයේ ඒජන්තයන් සමඟ ඉල්ලීම් ඉල්ලමින් පමණක් ගෙනයන දේශපාලණය අවසන් කොට පවතින ලෝක යථාර්තය වටහාගනිමින් ක්‍රියාකළ යුතුය.

මේ කාරණා සඳහා අවධානය යොමුකරවීමම ලාංකික වාමාංශිකයා සිටින ෆැන්ටසියෙන් හැබෑවට එළියට පැමිණ සැබෑ මාක්ස්වාදී මාවතක සමාජවාදී ලෝකයක් අත්පත්කරගැනීමෙන්, ඉන්ඩ හිටින්නට රටක් වෙනුවට දිනාගැනීමට ලෝකයක් ඇති බව ලාංකීය වාමාංශිකයාට අවබෝධවනු ඇත.

1952 දී පැවති “ හර්තාලය”,1971 දී ඇතිවූ “තරුණ නැඟිටීම්”, සහ 1989 දී ඇතිවූ “ දේශප්‍රේමී අරගලය” මෙම ඉහතකී වාමාංශිකයින්ගේ “ සිහිනය” නැත්නම් “ ෆැන්ටසිය” ප්‍රායෝගිකව යථාර්තයක් බවට පත්කරගැනීමට ඉතා ආසන්නයට පැමිනි අවස්තා හැටියට හැඳින්විය හැක.( එකී අවස්ථාවල පැවති අඩුපාඩුකම් සියල්ල පසෙකින් තබා බැලූකල්හි පවා).

එහෙත් 1989න් පසු කාලය සැලකූවිට අද දක්වාම ගෙවුනු දශක 3 ක කාලය තුල එවන් “ ආසන්න” අවස්තාක් හෝ පැනනැගුනේ නොමැතිවා පමනක් නොව එවන් “අවස්ථාවක්” උදාකරගැනීමට අවශ්‍යකරන සාධක නිර්මාණය කරගැනීමට පවා නොහැකිවී ඇත.එනම් වාමාංශික පක්ශ සහ ඒවායේ ක්‍රියාධරයින් ඔවුන් පරිකල්පණය කරනු ලබන “ සමාජවාදී සමාජය” ඔවුන්ගේම ෆැටසියක් ලෙසින් පවත්වාගෙන ගොස් දැන් දශක තුනකුත් ඉක්ම ගොස් ඇත.

Ranjana Senanayake.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *