මර්ධනය නවතනු, යුක්තිය ඉටුකරනු! ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව පැරීසියෙත් විරෝධතා!

ශ්‍රී ලංකා රජය හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගිනිමින් ගෙනයන මර්ධනයට විරෝධය පළකරමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්, ප්‍රංශයේ පැරිස් නගරයේ විරෝධතාවයක් පසුගියදා සංවිධානය කර තිබින.

ලොව පුරා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා මාර්ගයන්ට එරෙහිව පසුගිය 12වෙනිදා ඉතාලියේ, බොලොග්නා නගරයෙන් ආරම්භ කෙරුණු විරෝධතා ව්‍යාපාරයට සමගාමීව ඊයේ 18වෙනි දින පැරිස් නගරයේ මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානයකර තිබින.

“ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වසර දෙකකට ආසන්න කාලයක් නැවතිලා. ගුරු-විදුහල්පතිවරු තමන්ට සිදුවී තිබෙන වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා දැන් මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වෙලා. ආණ්ඩුව ට ගුරුවරුන්ගෙ ප්‍රශ්ණයට විසඳුම් නෑ. අධ්‍යාපනය පුද්ගලීකරණය කරන සැළසුම් කරනවා. ඒකට තමයි කොතලාවල විශ්ව විද්‍යාල පනත ගෙනාවෙ. ශිෂ්‍යයෝ, වෘත්තීය සමිති නිදහස් අධ්‍යාපනය රැකගන්න සටන් කරනකොට ආඪුව මර්ධනය මුදාහරිනව. මේ පනතට එරෙහිව උද්ඝෝෂණය කළ නායකයන් තවමත් අත් අඩංගුවේ. හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත  යොදාගෙන මර්ධනය උත්සන්න කරමින් ඉන්නවා. ආණ්ඩුව පිළිතුරු හොයන්න ක්‍රමයෙන් හමුදා පාලනයකට යොමු වෙමින් ඉන්නවා.

කොරෝනා වසංගතය තත්වය පාලනය කරගන්නට ඇති හොැකියාව නිසාත්, ආණුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසාත් ජනතාව දැඩි ලෙස ආරථික පීඩාවන්ට පත් වෙලා. පාසුකු ප්‍රහාරයේ වින්දිතයට තවමත් හරි හමං විසඳුමක් නෑ.

යුරොපයේ ජිවත් වුනත් ශ්‍රී ලංකාව ට ආදරය කරන මිනිසුන් හැටියට අපි ආණ්ඩුවට බලකර සිටිනවා මුදාහැර ඇති මර්ධනය වහා නවත්වන්න. අත්අඩංගුවේ සිටින වෘත්තීය සමිති නායකයන්, සිසු නායකයන් වහාම නිදහස් රන්න කියලා.” උද්ඝෝෂකයන් ඇමතූ සහෝදරියක් ප්‍රකාශ කළාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *