සංක්‍ර‍මණික සේවකයකු තේරුම් ගන්න එහෙම වෙන තුරු අපිට බැහැ , ඒ අසරනකම ඉතා අමාරු එකක්…

සංක්‍ර‍මණික සේවකයන් ගැන ලියන්නේ අපී කාටත් ඒ ගැන උනන්දු වන්න අවශ්‍යයයි කියල මම හිතන නිසා,

නීතිඥ ලක්ෂාන් ඩයස්

සංක්‍ර‍මණික සේවකයකු තෙරුම් ගන්න එහෙම වෙන තුරු අපීට බැ , ඒ අසරණකම ඉතා අමාරු එකක්

 පිටරටක බොහෝ විට නොදන්න භාෂාවක් කථා කරන අය අතර තනි වීම, ගෙදර හාම්පුතා විසින් පාලනය. (මතක තියා ගන්න අපේ රටේ ගෘහ සේවකයකුට ඊට වඩා ගොඩාක් නිදහසක් තියනව). පිටරටදී  එහෙම නිදහසක් නැහැ. සංනිවේදනය  අමාරුයි.
හිතුන වෙලාවට ගෙදර එක්ක කථා කරන්න බැහැ. ගෙවල් වල වැඩ හුරු නැහැ. මොකද  පුහුණු වෙලා ගියත් මාලිගාවල් වගේ ගෙවල් වල තනිවුනාම  අසරණයි. මේක බොහෝ විට බලපාන්නේ ගෘහ සේවයට යන අයට. 

ඔබ අහන්න පුලුවන්  ඇයි  එහෙම යන්නේ  කියල. දුප්පත් කමට හසු උනාම අපිට කෙනෙක්  ඒකෙන් මිදෙන විදිය තේරුම් කරල නොදුන්නොත් අපිට වෙන  විකල්පයක් නොපෙනෙන විට තියන හොඳම විකල්පය තමයි මේක. කිසිම කෙනෙක් ජොලියට  රට යන්නේ නෑ. ඔවුන්ට යම් හෝ සිහිනයක් තියනවා.

තනි කම, කෑම වල තියන වෙනස, අධික වැඩ, නිවාඩු නැති කම වගේ මහා ප්‍රශ්න ගොඩාක්. මම  එක්තරා කේබල් රුපවාහිනී චැනලයක රෑ 11 සිට 12 වෙනකන් සංක්‍රමණික සේවකයන්ට වැඩසටහනක් කලා. ඔවුන්ට තියන අයිතිවාසිකම් මොනවද  කියලා කිව්ව. එක අයෙක් කථා කලා සෞදි අරාබියේ සිට. මේක වුනේ 2016 විතර. එයා කිව්ව එයාවයි, එයාගේ බිරිඳවයි එයාගේ හාම්පුතා හෙට විකුණනව කියල. මම ඇහුව ඇයි එහෙම විකිණෙන්නේ කියල. එයා කියනවා එයාට දැන් වැඩ කරන්න අමාරුයි. ඒ හින්ද එයාගේ හාම්පුතා ඒජන්සියට ගෙවූ මුදල අය කර ගන්න වෙනත් කෙනෙකුට තමන්ව භාර දීල තමන් ගෙවූ මුදල ගන්නව කියලා.

මම එයාට කිව්ව  එම්බසියට කථා කරන්න කියල. ඒ වගේම  මේක මම බොහෝ දෙනෙකුට කිව්ව සහ එයාට එවේලෙම කිව්වා, එයාගේ පවුලේ අයට  කියන්න මට කථා කරන්න කියලා බියුරෝවට පැමිණිලි කරන්න. එයාලා කථා කලාම එහෙම කරන හැටි කිව්ව. එම්බසියේ  විස්තරත් දුන්න. හැබැයි  ඊට පස්සෙ  මට කථා කළේ නෑ.

මැල්සිරිපුර පැත්තේ  කෙනෙක් අදටත් මට  කියනවා, තමන්ගේ දුවව ගෙන්නල දෙන්න කියල කාට හරි පුලුවන් නම් කියන්න. සෞදියේ ඉන්නේ. මේ වගේ බොහෝ වැඩසටහන් වලදී මම ඇහුවේ දුක හිතෙන කතන්දර. කරන්න පුලුවන් විදියට උදව් කළා සමහර දේවල් වලට. මට තනියෙන් උත්තර හොයන්න අමාරුයි. 

අපිට මිනිසුන්ගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න වෙනව. ඒත් පොඩි  උත්තර හොයා ගන්න වෙනවා. මම කැමතියි රජයට පුලුවන් නම් සංක්‍රමණිකයන්ට ඔම්බුඩ්ස්මන් වරයකු පත් කරන්න. දුක්ගන්නා රාල කෙනෙකුට ගොඩක් වැඩ තියනවා.

සංක්‍රමණිකයන්ට උදව් කරන සංවිධානවලටත් පුලුවන් මේක කරන්න. හොට් ලයින් එකක් දාල ප්‍රශ්ණ කියන්න හා ඒවාට උත්තර හොයන එක ගොඩාක් ලොකු වැඩක්.  මම කාලයක්  ඔය වැඩේ කලා නොනිල වශයෙන්. ඒත් දැන් මට ධාරිතාවයක් නෑ, පුද්ගලිකව කරන්නත් බෑ. කරනවා නම් උදව් කරන්නම්. ලස්සන වැඩක්.

මම පිටරට  සංවිධාන දෙකක වැඩ කළා කිව්වනේ ස්වේච්ඡාවෙන්. එකක් වීසා තියන අයට අනෙක වීසා නැති අයට. දෙගොල්ලෝම ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් අය. හැබැයි වීසා තියන අය කැමති නෑ වීසා නැති අයට උදව් කරනවට. වීසා නැති අයට ප්‍රශ්ණ වැඩියි. හිරේ යන දේවල්, පොලීසි ගානේ යන දේවල් වැඩියි. ඒත් මේ දෙගොල්ලෝම කරන්නෙ අපේ රටට සල්ලි එවන එක. හොංකොංවල දී ගෑණු ලමයෙක් මැරුණ එයාට වීසා නෑ. එයාගේ මිනිය ලංකාවට එවන්න ගොඩාක් අමාරු වුණා. අද  වුණත් ඒක ගැටලුවක්. රජය ටිකක් බියුරෝවට තදින් හිටියොත් හොඳයි.  අපේ රටේ පුරවැසියෙක් මැරුණම වීසා තිබුණත් නොතිබුණත් ලියාපදිංචි වුණත් නොවුණත් එයාගේ මිනිය ගෙන්ව ගන්න පවුල් ගොඩාක් අසරණ වෙනව. මොකද ඒ දෙගොල්ලෝම  කරන්නේ අපේ රටට විදේශ විනිමය එවන එක. රාමලාන් මාසවල මිනිය ගේන එකක් ටිකක් අමාරුයි. කල් යනවා. සමහර අය ලංකාවට එන්නෙ ගොඩක් වධ හිංසාවලට ලක්වෙලා, රස්සාවලින් දොට්ට දාල. ඒ අයට වන්දි ගන්න පුලුවන් වුණු අවස්ථා තියනවා. ඒත් ඒකට එක් එක් කෙනාට ක්‍රමවේද නැතුව එක්කෝ රක්ෂණයෙන් පිළිගත් මුදල හෝ වෙනත් රජයෙන් පිළිගත් මුදල දෙන්න වටිනවා. රුපියල් ලක්ෂ දෙක තුනක් නම් වැඩක් නෑ. අවම වශයෙන් මිලියන 1.5ක් වත් දෙන්න ඕනා. ගොඩාක් අය ජීවිත කාලයටම අසරණයි. 

හොඳ වන්දි ලැබෙන්නේ ඒ රට හාම්පුතා රක්ෂණය කලොත්. එහෙම වෙලාවට  තානාපති කාර්යාලය මැදිහත් වෙලා හොඳ වන්දි ලැබෙන වෙලාවල් මම ඕනෑ තරම් අහල තියනවා.  ඒත් කිසිම දෙයක් නොලැබෙන අයත් ඉන්නවා. ඒවාගේ අයට  යම් වන්දියක් තිබුණොත් හොඳයි.

මගේ මිත්‍ර බිස්නස් ටයිම්ස් එකේ එඩිටර් ෆයිසාල් නිතරම  සංක්‍රමණික සේවකයෝ ගැන එයාගෙ කොලමේ ලියනව. ඇත්තටම එයා  ඒ ගැන ගොඩාක් උනන්දු කෙනෙක්.

සමහර විට ගෙවල්වල ඉන්න අයට උදව් ගන්නත් අමාරුයි. ගොඩාක් අසරණ වෙනව පවුල් පිටින්ම එකම ආදායම් මාර්ගය අහිමි වීමෙන්. හොංකොං වල  ඉන්න අයට මේ ගැන හොංකොං රජයෙන්ම මුද්‍රණය කල පොතක් දෙනවා. බියුරෝවත් මේක කරන්න උත්සාහ කළා. ඒත් තාම හරියට වෙනවා කියල පේන්නේ නෑ. තමන් යන රටේ භාෂාව, හැසිරීම, යන්න ඕන තැන්, ලිපින, දුර කථන අංක, ගෙවල්වල හෝ  සමාජයේ හැසිරෙන හැටි, මේ දේවල් සියල්ලම ඒ පොතේ තිබුණ. මා ගාව ඒ පොත තවම තියනවා. 

සමහර අයට රස්සාවෙන් අයින් වෙන්න වෙනවා. එතකොට එයාල එන්නේ  පොදු තැන්වලට. රටට යන්නේ නැතුව  මොනවා හරි හොරෙන් රස්සාවක්  කරල ඉන්න බලනවා. මෙහෙම අයට උදව් කරන්න වැඩ පිලිවෙලක් තානාපති කාර්‍ය්‍යාලවලට තියෙන්න ඕන. ඔවුන් සමහර විට බොහෝ ප්‍රශ්න පිටයි ලංකාවෙන් පිටරට එන්නේ. ඒ වගෙම ලංකාවේ ගොඩාක් අය පිටරටවල් වල සිර ගෙවල් වල ඉන්නවා. හොංකොං වගේ රටක හිර ගෙයක් උනත් හොඳ තැනක්.

ඒත් සෞදි අරාබියේ එහෙම වෙන්නෙ නෑ. එක වෙලාවක  එහෙම වෙලාවල් වලට තමන්ගේ රටේ අය ගොඩාක් වැදගත්. අපේ රටේ අය එහේ හිර ගෙවල්වල ඉන්නවා නම් බලන්න යන්න වැඩ පිලිවෙලක් තියෙන්න ඕන. උදර්පණය හෝ සිරකරුවන් හුවමාරුව වගේ වැඩක් උනත්  රජයට හිතන්න පුලුවන් නම් හොඳයි. මැද පෙරදිග බොහෝ අය කිව්වේ ඒක අපාගත වීම වගේ වැඩක් කියල. අපේ අයට ගුරුහරුකම් දෙන්න කවුරුත් නෑ.  ඉතාම අඩුයි. අපේ රටේ ඉන්න අයත් එහේ ගියාම විනෝදෙට බර වෙනව මිසක්  සමාජ සත්කාර්යවල යෙදෙන්නේ නෑ හෝ අඩුයි. අපේ රටේ මිනිසුන්ව බලා ගන්න එක අපිටම කරන්න පුලුවන්. මම  නම් ඒක කළා ගොඩාක් වෙලාවල්වලට. ස්වේච්ඡාවෙන් කලේ මගේම වියදමින්. 
ලංකාවේ අයට  උදව් කරන සංවිධාන හා  පිටරට ආ  තමන්ගේ  අයව බලා ගන්න හැටි ගැන අපි ඊලඟ දවසේ කථා කරමු.

නීතිඥ ලක්ෂාන් ඩයස් විසිනි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *