යුක්තිය වෙනුවෙන්

2021 අප්‍රේල් 21 දිනට යෙදෙන විශ්වාසයේ විරුවන්ගේ දෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා ගීය

දිව්‍ය පූජා යාගයට ආ බැති මතුන්
කැටුව ආ මව්පියන් දරුවන් අහිමි වී
සදා සෝගිනි කඳක දැවෙමින් වැලපෙමින්
රටම අන්දය ගොළුය බිහිරිය මන්ද ඒ

කොහිද යුක්තිය…
කොහිද ධර්මය…
කොහිද නීතිය විමසනූ…

අන්තවාදී අධම නොමිනිස් කැලකගේ
මානසික බල වියරුවේදී ගොදුරුවූ
අහින්සකයන් නාමයෙන් ඇස් හැර බලවු
දඬුවමක් විඳ ඇද්ද කිසිවෙක් ඔවුන්ගෙන්

කොහිද යුක්තිය…
කොහිද ධර්මය…
කොහිද නීතිය විමසනූ…

සුසානය මැද සොහාන් කඳු මත වැලපෙතී
ස්වාමිවරු සිය බිරිඳ දරුවන් අහිමි වූ
කුරුරි ඝාතක කැලම නිදහස් සුව විඳී
නොලැබ දඬුවම් රටට පිටුපා සිනාසී

කොහිද යුක්තිය…
කොහිද ධර්මය…
කොහිද නීතිය විමසනූ…

නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින්
ඇවිද යමු අපි නැගෙන බාදක බිඳලමින්
පිබිද එමු අපි දෙව් මැදුරුවල අළු මතින්
අවිදිවෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන්

කොහිද යුක්තිය…
කොහිද ධර්මය…
කොහිද නීතිය විමසනූ…

පද රචනය: සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා

ගී තණුව: ආචාර්ය රෝහණ වීරසිංහ මහතා

ගායනය: ආචාර්ය නන්දා මාලිනී මහත්මිය

සoගීත සoයෝජනය: සුගත් හෙට්ටිආරච්චි

නාද ශික්ෂනය: සදරු ගමගේ

සංකල්පය : කොළඹ අගරදගුරු අතී උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

අධීක්ෂණය : ගරු ජූඩ් සමන්ත පියතුමා ගරු ජූඩ් ක්‍රිශාන්ත පියතුමා

සම්බන්ධීකරණය :. ප්‍රියන්ත විජේසිංහ මහතා

කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන කේන්ද්‍රය මගින් නිශ්පාදනය කරන ලදී

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *