දයලෙක්තික සහ ඓෟතිහාසික භෞතිකවාදයේ සුලමුල…

දයලෙක්තික භෞතිකවාදය

කොමියුනිස්ට් පක්ෂ සිය නිල දර්ශනවාදය දයලෙක්තික භෞතිකවාදය යනුවෙන් හැඳින්වූවා. එමෙන්ම බොහෝ විචාරකයන් විසින්ද එලෙස හඳුන්වනු ලැබුවා.මෙය මාක්ස්ගේ භාෂිතයක් නොවීය. (ඔහු කථා කළේ සිය දයලෙක්තික විධි ක්‍ර‍මය ගැනයි. එංගල්ස් පවා භාවිතා කළේ භෞතිකවාදී දයලෙක්තිකය යන ප්‍රකාශනයයි.) දයලෙක්තික භෞතිකවාදය යන භාෂිතය, මාක්ස් සමඟ ලිපි හුවමාරු කරගත් සමාජවාදී කම්කරුවෙකුවූ Joseph Dietzgen විසින් නිර්මාණය කරනු ලැබූ පදයක් බව පෙනී යනවා. කෙසේවෙතත්, ලෙනින් විසින් ( 1908 දී භෞතිකවාදය සහ අනුභූතික විචාරවාදය නමින්වූ ඔහුගේ කෘතිය තුළින්) එංගල්ස්ගේ කෘතීන් පදනම් කර ගනිමින් මාර්ගෝපදේශී තේමාවන් ත්‍රිත්වයක් වටා මෙම න්‍යාය වර්ධනය කළා.

මෙය හෙගේලියානු දයලෙක්තිකය ‘ භෞතිකවාදී උඩු යටිකුරු’ කිරීමකි; පංති සටනට අදාලව ආචාර ධර්මීය මූලධර්මවල ඉතිහාසිකත්වය (Historicity); භෞතික විද්‍යාවේ (Helmholtz), ජීව විද්‍යාවේ (Darwin) සහ දේශපාලන අර්ථ ශාස්ත්‍රයේ (Marx) ‘පරිනාම නියාමයන්’ එකට පෑහීමකි. ඒ් අනුව, ලෙනින් ඉතිහාසික මාක්ස්වාදයක් (Labriola) සහ නියතිවාදී (Determinist) මාක්ස්වාදයක් අතර, “සමාජ ඩාර්වින්වාදයක”ට සමාන ආස්ථානයක් දැරුවා. (Social Darwinism – Kautzky)

රුසියානු විප්ලවයට පසු, සෝවියට් දර්ශනවාදය ‘දයලෙක්තිකවාදීන්’ (Dialectician – Deborin) සහ “යාන්ත්‍රිකවාදීන්” (Mechanists – Bukharin) යනුවෙන් බෙදීමක් ඇතිවුනා. 1931 දී, මෙම විවාදය සමථයකට පත් කරමින් ආඥාවක් නිකුත් කළ ප්‍රධාන ලේකම් ස්තාලින් දයලෙක්තික භෞතිකවාදය, මාක්ස්-ලෙනින්වාදය (Marxiam-Leninism) යනුවෙන් නම් කළා.

ඉන් හත් වසරකට පසුව, ස්තාලින් විසින් නිකුත් කරනු ලැබූ ‘දයලෙක්තික සහ ඓෟතිහාසික භෞතිකවාදය‘ (1938) නමැති පත්‍රිකාව මඟින් එහි අන්තර්ගතය පැහැදිලි කරමින් ‘දයලෙක්තිකයේ නියාම‘ (Laws of the Dialectic) යනුවෙන් කැටිකොට දැක්වූවා. විශේෂයෙන් ඉතිහාස විද්‍යාව (Science of History) සහ ඒ ඒ විෂයධාරාවන්ගේ පදනම මෙන්ම ඒවා ‘නිර්ධන පංතික ලෝක දෘෂ්ටිය‘ (Politarian World View) සමඟ අනුගතවීම පූර්වම (a priori – යනු නිසි විමර්ෂනයකින් තොරව ගොඩනඟා ගත් න්‍යායික පදනමක්) සහතික කරනු ලැබුවා. “ඩයමැට්“ (DIAMAT) යනුවෙන් කෙටියෙන් හැඳින්වූ මෙම පද්ධතිය සමස්තයක් වශයෙන් සමාජවාදී රටවල සහ යම් විරෝධතා මධ්‍යයේ බටහිර රටවල කොමියුනිස්ට් පක්ෂවල බුද්ධිමය ජීවිතය (Interlectual Life) මත පටවනු ලැබුවා. එමඟින් පක්ෂ-රාජ්‍යයේ (Party-State) දෘෂ්ටිවාදයත්, විද්‍යාඥයන්ගේ ක්‍රියාකාරකම් පාලනය කරන්නත් ස්තාලින්ට හැකියාව ලැබුනා.

ඓෟතිහාසික භෞතිකවාදය

මාක්ස් සහ එංගල්ස් (1820-85) වසර හතලිහකට වඩා වැඩි කාලයක් පුරාවට අන්‍යොන්‍ය සහයෝගයෙන් ක්‍රියා කළා. ඒ අනුව, මාක්ස් “හොඳ දයලෙක්තිකවාදියෙකු“ වශයෙන් සහ එංගල්ස් “නරක දයලෙක්තිකවාදයෙකු“ වශයෙන් ඔවුන් අතර පරස්පරයන් තිබූ බව ප්‍ර‍තික්ෂේප වෙනවා. එහෙත්, එංගල්ස්ගේ බුද්ධිමය ප්‍ර‍තිභාව හෝ මාක්ස්වාදී ගැටළු සහගතභාවයේ පරිවර්තනයක් (Transform) ඇති කර ගැනීමෙහිලා ඔහු ගත් වෑයම පිළිබඳව තක්සේරුවක් කිරීමට එය බාධාවක් නොවෙයි. ඔහුගේ ප්‍ර‍ධානතම මැදිහත්වීමේ මොහොත (Moment)1844 දී ඔහු විසින් ප්‍රකාශයට පත් කෙරුණ “එංගලන්තයේ කම්කරු පංතියේ තත්ත්වය“ නමැති කෘතියයි. ඔහු, එමගින්, වැටුප්-ශ්‍ර‍මය මිනිස් හරයේ පරාරෝපණයකැයි කළ විචාරය තුළ, (එම කාලයේම සහ 1875 පසුව) මාක්ස්ගේ ලියවිලිවල අන්තර්ගතයට වඩා වැඩි අන්තර්ගතයක් තිබිණ. ඇත්තෙන්ම, ඓෟතිහාසික භෞතිකවාදය ක්‍ර‍මානුකූලව මූර්තිමත් කළේ එංගල්ස් විසිනි. මෙහිදී, ඔහු විප්ලවීය මූලෝපාය (Revolutionary strategy), සංධිස්ථානීය විග්‍ර‍හයන් (conjuntural analysis) සහ දේශපාලන අර්ථ ශාස්ත්‍ර‍ය එකට අමුණා ගත්තා. 

මෙහිදී ඉතා සිත්ගන්නාසුළු (Interesting) අංගය නම් ඩූරින්-විරෝධය (Anti-Duhring -1878) නමැති කෘතියේ සිට දෘෂ්ඨිවාදය යළි සංකල්ප ගත කිරීමයි. එංගල්ස් මූලික වශයෙන්‘ ‘සදාතනික ධර්මතාවන්‘ වශයෙන් නීතිය සහ සදාචාරය පිළිබඳව දෘෂ්‍යමාන වන සංකල්පනා මත පදනම්වී, දෘෂ්ඨිවාදය පිළිබඳ ඥාන විභාගාත්මක (epistemological) නිර්වචනයක් ඉදිරිපත් කළා. ඔහු එම කාලයේ ලියූ අත් පිටපත පසුව (1885) “දයලෙක්තිකය සහ ස්වභාව ධර්මය“ (Dialectic and Nature) නමින් ප්‍ර‍කාශයට පත් කෙරුනා. (1935 දී සෝවියට් සංගමය විසින් මෙය Dilectic of Nature යනුවෙන් සංශෝධනයකර පළ කලා .) මෙය ප්‍රායෝගිකව ජර්මානු දෘෂ්ටිවාදී තීසිසවල විලෝමයක් (converse) විය. එහි මාර්ගෝපදේශී හුය (Guiding thread) වූයේ විඥානවාදය සහ භෞතිකවාදය අතර පවතින  ප්‍ර‍තිවිරෝධතාවයයි. එනම්, ‘අධිභෞතිකවාදී‘ සංකල්පනා මාදිලිය සහ දයලෙක්තික මාදිලිය අතර ප්‍ර‍තිවිරෝධතාව මගින් අධිනිශ්චය කරනු ලැබූවකි. පැහැදිලිවම, මෙහි අරමුණ වූයේ ශාස්ත්‍රාලීය (Academic) දර්ශනවාදය මඟින් ඉදිරිපත් වුනු අභියෝගය හමුවේ මාක්ස්වාදයට විද්‍යාත්මකභාවයේ සහතිකයක් සැපයීමයි.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. ඊට අර්ධ වශයෙන් හේතුවූයේ  එහි නෛසර්ගික ගැටළුව සහ එවකට මුහුණදීමට සිදුවූ ප්‍ර‍ධාන ගැටළුව එය නොවූ නිසාය. එංගල්ස් මෙය නිර්ධන පංතික දෘෂ්ඨිවාදයේ හෝ කොමියුනිස්ට් ලෝක දෘෂ්ටියේ ප්‍රහේලිකාව හැටියට හඳුන්වන්න වඩාත් නැඹුරු භාවයක් දැක්වීය. ඒ අනුව, භෞතිකවාදී දෘෂ්ඨිවාදයක් පිළිබඳ සංකල්පයක අසීරුතාව මඟ හරින්න ඔහුට හැකිවුනා.

එංගල්ස්, ඔහුගේ අවසන් කෘතීන් තුළින්, එනම් ලුඩිවිග් ෆොයියබාක් (Ludwig Feuerbach) සහ සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය (1888), මුල් ක්‍රිස්තියානියේ ඉතිහාසය‘ (On the history of early Christianity _1894-5) සහ කවුට්ස්කි (Kautsky) සමඟ එක්ව ලියූ ‘නීතිඥයින්ගේ සමාජවාදය‘ නමැති ලිපිය (Lawyers Socialism – An article – මෙය නීතිමය ප්‍ර‍තිසංස්කරණ හරහා නීතිය මඟින් සමාජවාදය කරා යෑමේ අදහසකි. ) තුළින් මෙම ගැටළුවේ පැති දෙකක් පිළිබඳව එකට සාකච්ඡා කරන්න යෙදුනා. මෙහිදී ආධිපත්‍යයික ලෝක දෘෂ්ඨීන්වල අනුප්‍රාප්තිය, එනම්, ආගමික සිට අනාගමික (අවශ්‍යයෙන්ම, නෛතික) සංකල්පනා සහ පංති සටන පදනම් කරගත් දේශපාලන ලෝක දෘෂ්ඨියක් කරා සංක්‍ර‍මණය වීම මෙන්ම, බහුජනයා හා රාජ්‍ය අතර පවතින සම්බන්ධය තුළින් සාමුහික ‘විශ්වාසයන්‘ ගොඩ නඟා ගැනීමේ යාන්ත්‍රණය පිළිබඳවත් සාකච්ඡා කෙරුණා. මේ ආකාරයෙන්, ‌‌‌‌‌ඓෟතිහාසික භෞතිකවාදය එම පැති දෙකටම වස්තු විෂයයක් (Object) මෙන්ම අවසානයක්ද සපයුවා. 

රෙඩ්ලි සිල්වා ව්සිනි

THE PHILOSOPHY OF MARX (ETIENNE BALIBAR) කෘතිය ඇසුරෙනි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *